පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඊයේ (01) හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට දමාගොස් තිබියදී ඒ පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට දුන් තොරතුරක් මත පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ඇරඹීය.එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බව පොලීසිය පෙවසුවේය. අද (02) දින අණාවරණය කරගත් තොරතුරු අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය […]
අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තදවැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර […]
මින් පෙර බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස සිට නිරෝධායනට ලක් කර සිටි 11 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළා.
ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස් අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.අනතුරින් වුඩ්ස් ගේ පාදවලට හානි සිදුවී ඇති බවත් ඔහු ශල්‍යකර්මය කට ලක් කර ඇති බවත් වාර්තා වේ.
අද (23) දිවයිනට පැමිණීමට නියමිත පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිළිගනු ලැබීමට නියමිතයිපාකිස්තාන අගමැතිවරයා වෙනුවෙන් එහිදී විශේෂ හමුදා උත්තමාචාරයක්ද පිරිනැමීමට නියමිත අතර අද සවස අරලියගහ මන්දිරයේදී පාකිස්තානු අගමැතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එහිදී දෙරට අගමැතිවරු ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කිරීමට නියමිතයි.ඉන් අනතුරුව හෙට […]
මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිතා කරමින්, මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගිය ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී […]
ඊයේ (22) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 කි.
හෙට (20) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල […]
ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ.මෙම පුද්ගලයින් අවුරුදු 67, 58, 43, 52, 86, 74 සහ 81 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වන අතර මේ අතර 20 හැවිරිදි තරුණියක් ද සිටින අතර බව වාර්තා වේ.කොවිඩ් තත්ත්වයත් සමග […]
නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි […]
