අද (10) දින කොවිඩ්-19 රෝගය හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 232ක් දක්වා ඉහළ […]
අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ.අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසාදමා තිබූ අතර හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536ක් වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබුණි. එමෙන්ම එතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු ජනවාරි මස 05 වැනිදා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන […]
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය වන අද (10) තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 338 ක් ලබා ගත් අතර ඊට […]
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, හෙට (11) උදෑසන 5 සිටග්‍රෑන්පාස්, මාලිගාවත්ත සහ දෙමටගොඩ යන පොලිස් බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව පැවසීය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරී වසමේ දූව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාමනිලධාරී වසමේ වෙඩිකන්ද, […]
පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 200ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනාට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර ලබා දී තිබේ.
පුද්ගලයන් හැට දෙදෙනෙකු සමගින් ජකර්තා අගනුවරින් ගමන් ආරම්භ කලශ්‍රී විජය එයාර් ජෙට් යානය කඩාවැටුණු ස්ථානය හඳුනාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් පවසන අතර එහි සෝදිසි මෙහෙයුම් සඳහා නෞකා 10ක් යොදවා ඇති බවද සඳහන් වේ.යානය ගුවන්ගත කර මිනිත්තු හතරකට පසුව කලිමන්තාන් පළාත බලා ගමන් කරමින් සිටින අතරතුර එය රේඩාර් පථයෙන් අතුරුදන් වී ඇති අතර, යානය මුහුදට කඩාවැටී ඇති […]
ඊයේ (09) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාරක රියඅනතුරු රැසකින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.දොම්පේ පොලිස් වසමේ කොස්පැලවත්ත ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ද, මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක්ද,මොරටුව සිට අත්තිඩිය හරහා බේකරිය හංදිය දෙසට ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් […]
