Home > Articles posted by Admin (Page 325)
FEATURE
on Jan 11, 2021
785 views 0 secs

අද දින කොවිඩ් ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව බව සෞඛ්‍ය අංශ පවසති. මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,091ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,057කි.

FEATURE
on Jan 11, 2021
826 views 0 secs

ඊයේ (10) රාත්‍රී 10.30ට පමණ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ඥාතියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.වෙඩි තැබීම සිදුකළ 46 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (11) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය අතර ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

FEATURE
on Jan 11, 2021
859 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා 2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනා ගැණීමත් සමඟපාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුව තිබේ. එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් […]

FEATURE
on Jan 11, 2021
752 views 0 secs

පසුගිය පැය 24ක කාලය මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළමෙලෙස නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2415 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් […]

FEATURE
on Jan 11, 2021
1087 views 0 secs

පසුගිය සිකුරාදා දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.මෙහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙකු ද අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

FEATURE
on Jan 11, 2021
807 views 0 secs

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

FEATURE
on Jan 10, 2021
997 views 0 secs

අද (10) දින කොවිඩ්-19 රෝගය හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 232ක් දක්වා ඉහළ […]

FEATURE
on Jan 10, 2021
816 views 0 secs

අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ.අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසාදමා තිබූ අතර හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

FEATURE
on Jan 10, 2021
803 views 0 secs

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536ක් වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

FEATURE
on Jan 10, 2021
972 views 1 sec

අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබුණි. එමෙන්ම එතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු ජනවාරි  මස 05 වැනිදා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක්  සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන […]