Local News
January 23, 2021
794 views 1 sec 0

සෞඛ්‍ය ඇමතිනිටත් කොවිඩ් බවට තහවුරු වෙයි…

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.එම නිසා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට ලක්වී සිටි බවද වාර්තා විය.

Local News
January 23, 2021
804 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්…

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (23) අද උදෑසන 9.00 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදුවෙයි.කොළඹ 01, කොළඹ 02, කොළඹ 03 සහ කොළඹ 07 සිට කොළඹ 12 දක්වා ප්‍රදේශවල මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

World News
January 21, 2021
806 views 0 secs 0

මධ්‍යම බැග්ඩෑඩ්හි බෝම්බ ප්‍රහාරයක්..

ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් පළාතේ ජනාකීර්ණ වෙළෙඳපොළක අද(21) උදෑසන සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.මෙම බෝම්බකරුවන් දෙදෙනාව ආරක්ෂක නිලධාරීන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පිටුපස හඹා යන විටදී බෝම්බය පුපුරවා ගෙන තිබේ.වසර දෙකක පමණ කාලයක දී බැග්ඩෑඩ් නගරයේ සිදුකළ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එය වේ.

Local News, Politics
January 18, 2021
813 views 0 secs 0

ඉදිරි දින 2ක පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්..

අද (18 පැවති පක්ෂ නායක රැස්වීමේ දී හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.

Local News
January 16, 2021
835 views 0 secs 0

මාතරින් හමු වූ කාන්තා මළසිරුර..

මාතර පරෙයි දූපත අසල වෙරළ ඛාදනය සඳහා යොදා ඇති ගල්වැටිය අතර තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.මළසිරුර ආසන්නයේ ඇති බංකුවක කුඩයක්, පානය කරනලද කිරිපැකට් 4ක් සහ රිසිට් පතක් තිබී සොයාගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Local News
January 14, 2021
848 views 1 sec 0

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසේ සාදයට ආ කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි තිබේ. එම ප්‍රිය සම්භාෂණයට 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පවුල් 03කට අයත් කණ්ඩායමක් සහභාගී වී ඇති අතර වෛරසය ආසාදනය වූ වෛද්‍යරවරයා ද ඒ අතරට අයත් ය. එම වෛද්‍යවරයා මේ වනවිට […]

Local News
January 14, 2021
849 views 0 secs 0

තෛපොංගල් උත්සවයට ජනපතිතුමන්ගේ පණිවුඩය…

දමිළ – හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන “අස්වනු නෙළීමේ උත්සවය” හෙවත් තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ.තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එහි මෙසේ සඳහන් කර ඇත.ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍යය උදා කිරීම තමාගේත්, රජයේත් ඒකායන පරමාර්ථය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.එසේම අස්වනු නෙළීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන […]

Local News
January 13, 2021
841 views 2 secs 0

සෞඛ්‍ය අංශ තීරණයෙන් පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ අද

මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.මේ අතර අද දිනයේ පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා පාර්ලිමේන්තුව තුළ ඵ්Cර්‍ පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර […]

Local News
January 13, 2021
833 views 0 secs 0

කොස්ගොඩින් හමු වූ හෙරොයින් කිලෝග්‍රෑම් 20….

කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (12) සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබෙන අතර ඒවා සඟවූ සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.

Local News
January 12, 2021
801 views 0 secs 0

අමාත්‍ය රන්ජන්ට වසර 4ක සිරදඬුවමක්….

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වීමත් සමඟයි..