Local News
March 22, 2021
1284 views 0 secs 0

ලෝක ජල දිනය අදයි…

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස නම් කරනු ලබන අතර 1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී මීට අදාළ යෝජනාව ඉදිරිපත් කළේය. ඊට සමගාමීව මෙරට තුළ ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Local News
March 20, 2021
814 views 0 secs 0

පස්සර අනතුරින් 15 දෙනෙකු මරුට….

අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ […]

Local News
March 10, 2021
688 views 0 secs 0

O/L නිමවීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීමෙන් වළකින්න.. විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට දැනුම් දෙයි..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත අතර විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙයි. පොදු දේපලවලට අලාභහානි කිරීම හෝ කොවිඩ් -19 මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර විභාග […]

Local News
March 09, 2021
764 views 0 secs 0

බස්නාහිර පළාත් පාසල් 15වන දින සිට ඇරඹේ..

එළඹෙන 15 වන සඳුදා බස්නාහිර පළාතේ පාසල් වල 05 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය හා උසස්පෙළ පන්ති ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර අප්‍රේල් 19 වනදා සෙසු ශ්‍රේණි ආරම්භ වන බව අමාත්‍යංශය නිවේදනය කලේය.

Local News
March 08, 2021
890 views 0 secs 0

විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.

Local News
March 06, 2021
691 views 0 secs 0

497 දක්වා ඉහල ගිය මෙරට කොවිඩ් මරණ…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 4ක් අද (06) දිනයේ තහවුරු වී ඇති බව පවසයි. මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 497ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 […]

Local News
March 06, 2021
795 views 0 secs 0

අද දිවයිනට ගෙන එන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රාවලින් 264,000ක් අද (06) රාත්‍රීයේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා තහවුරු කළේය.

Local News
March 05, 2021
829 views 0 secs 0

හෙට දින ජල කප්පාදුවක්….

හෙට (06) පෙරවරු 9.00 සිට පැය 20ක කාලයක් ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල, කොස්වත්ත සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Local News
February 24, 2021
828 views 0 secs 0

බගවන්තලාව චැපල්ටන් වතුයායට සංචරණ සීමා…

මින් පෙර බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස සිට නිරෝධායනට ලක් කර සිටි 11 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළා.