Local News
February 07, 2021
679 views 0 secs 0

කොවිඩ් වාර්තාව

අද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 356කි.එමෙන්ම අද දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 772ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 69,348 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා..

Local News
February 07, 2021
676 views 0 secs 0

ඊයේ බස්නාහිර පලාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුම…

ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

Local News
February 04, 2021
688 views 0 secs 0

73 වන ජාතික නිදහස් දිනයට රටවල් රැසකින් සුභ පැතුම්…

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මාලදිවයින, මලයාසියාව, නෝර්වේ ඇතුළු රටවල නායකයින් සහ තානාපතිවරුන් විසින් ට්විටර් පණිවුඩ හරහා ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබුණි. මෙසේ සුබ පැතුම් පණිවුඩ නිකුත් කල අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇත්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කළේ ඉන්දු ශාන්තිකර කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිමත් බව ප්‍රවර්ධනය සඳහා […]

Local News
February 03, 2021
731 views 0 secs 0

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් තරුණිය..

හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන තිබුණි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින ලලියා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අතරමැදියෙකු ලෙස ඇය කටයුතුකර ඇති බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නියක ලෙස කටයුතු කර ඇති […]

Local News
February 01, 2021
764 views 0 secs 0

59,000කට වැඩි පිරිසකට ලබා දුන් කොවිෂීල්ඩ් එන්නත…

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ්-19 මර්දන එන්නත මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට ලබාදී අවසන් බව සෞඛ්‍ය අංශ පවසති.ඊයේ (01) දිනය තුළ පමණක් පුද්ගලයින් 21,329 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.මේ වන විට දෛනිකව එම එන්නත ලබාදෙනු ලබන අතර කොවිඩ් ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන […]

Local News
January 28, 2021
680 views 0 secs 0

කොවිඩ් පාලනයෙන් ලෝකයෙන් 10 වන තැනට පත් වූ ශ්‍රී ලංකාව…

ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් 19 වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.රටවල් 98 ක් යොදා ගනිමින් එම සමීක්ෂණය සිදුකර ඇති අතර එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.ශ්‍රේණිගත කිරීම සඳහා එක් එක් රටක හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන, තහවුරු වූ කොවිඩ් […]

Local News
January 27, 2021
694 views 0 secs 0

හෙට දිවයිනට එන කොවිඩ් එන්නත.

කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත අතර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසුවේ එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බවය. එය ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බව සඳහන් ය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් […]

Uncategorized
January 25, 2021
759 views 0 secs 0

පා.ම වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් බවට තහවුරුයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Local News
January 23, 2021
703 views 1 sec 0

සෞඛ්‍ය ඇමතිනිටත් කොවිඩ් බවට තහවුරු වෙයි…

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.එම නිසා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට ලක්වී සිටි බවද වාර්තා විය.