Local News
December 19, 2021
398 views 0 secs 0

හෙට දින වැඩවර්ජනය කරන වෛද්‍යවරු…

හෙට (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම්කර තිබේ.පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන අතර මෙම එක්දින වර්ජනය හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලටද බාධා එල්ලවිය හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

World News
December 19, 2021
378 views 0 secs 0

පාකිස්තානයේ පිපිරීමක්…

පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරේ.සිද්ධියෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසයි.

Local News
December 15, 2021
312 views 0 secs 0

ගෑස් තොගය ගොඩබෑම තහනම් කරයි.

දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබෙනවා. එම නිසා ලිට්‍රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර නොදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා .

Local News
December 14, 2021
321 views 0 secs 0

නැවතත් කිරිපිටි හිගයක්

කිරිපිටි ආනයනය නැවත වරක් අත් හිටුවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි සමාගමක් පැවසීය.මෙයට හේතුව වන්නේ ඩොලර් හිගයත් සමග විදේශ සැපයුම්කරැවන්ට ගෙවීම් සිදු කිරීමට නොහැකි වීමය.මේ වන විට කිරිපිටි ආනයනෙයන් 50%ක් පමණ නතර වී ඇති අතර ඉදිරියේ දී කිරිපිටි ආනයනය අනුමත කර ගැනීමට නොහැකි වුවහොත් ජනවාරි මස සිට නැවත කිරිපිටි හිගයක් ඇති විය හැකි […]

Local News
December 13, 2021
322 views 0 secs 0

අද තැපැල් වෘත්තීය සමිති වැඩවර්ජනයක

තැපැල් වෘත්තීය සමිති 23ක් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය අද පස්වරු 04.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Local News
December 12, 2021
413 views 0 secs 0

ආහාර අර්බුදයක් අත ලඟද…?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉදිරි මාස හතර අවසන් වන විට මෙරට තුළ විශාල ආහාර අර්බුධයක් හටගන්නා බව ප්‍රකාශ කර සිටියා. කාබනික දියර පොහොර සියලුම බෝග සඳහා එකවර යෙදීමේ තීරණය තුළින් සෑම බෝගයකම වර්ධනය අඩාලවී ලැබෙන අස්වැන්න අඩු විය හැකි බවයි ඇය ප්‍රකාශ කලේ. මෙය බෝග කිහිපයකට භාවිතා කර එහි ප්‍රතිඵල […]

Local News
December 11, 2021
303 views 0 secs 0

කාළගුණ වාර්තාව…

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි […]

Local News
December 10, 2021
340 views 0 secs 0

අයවැය 3 වන වර කියවීම අද

අද පස්වරුවේ අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්ද විමසීම සවස 5.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

Health, Local News
December 09, 2021
316 views 0 secs 0

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සිදු නොවේ – වෛද්‍ය චන්දිම

ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.ඔහු සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි . ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ සිය […]

Local News
December 08, 2021
360 views 0 secs 0

සමගි ජන බලවේගයේ සමාජිකයින් නැවතත් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ සමාජිකයින් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද (08) සිට සහභාගී වන බව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඒ අනුව කතානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.