Local News
November 16, 2021
294 views 0 secs 0

රොජර් සෙනෙවිරත්න ඇතුළු තිදෙනෙකුට වරෙන්තු..

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි කළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, […]

Local News
November 15, 2021
282 views 0 secs 0

“පාසල් වල අනෙක් ශ්‍රේණිවල ආරම්භ ඉදිරි සතියේ”

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ,“අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් තැන්පත් කරලා තියෙනවා. එය නෑ කියනවා නම් කවුරු හරි මන්ත්‍රීවරයෙක් තමන්ගේ ගෙදර දරුවන්ටත් තමන් කරන්නේ අපහාසයක් කියලා කියන්න ඕනේ. පාසල් විවෘත කරලා තියෙනවා. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි සෞඛ්‍ය නීති ඉවත් කළේ. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ […]

Local News
November 14, 2021
330 views 0 secs 0

ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල්වල අධ්‍යන කටයුතු සඳහා එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින්මෙවර ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ පාසැල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බවයි.

Local News, Politics
November 13, 2021
333 views 0 secs 0

අයවැය පිළිබඳ විපක්ෂ නායකයාගේ මතය

අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ එය සෝමාලියාවේ ලක්ෂණ සහිත අයවැයක් බවයි. වත්මන් අවුලෙන් රට ගොඩ ගැනීම වෙනුවට ව්‍යසනයේ මාවතට ගෙන යන ආකාරයට අයවැය යෝජනා සකස් කර ඇති බව ඔහු පැවසීය. “ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් එය තෙත් දැල්ලක් බවට පත් විය. එය ව්‍යුහගත කර නැත. අයවැය හිඟය පියවීමට රජයට […]

Local News
November 13, 2021
321 views 1 sec 0

මත්පැන් මිළ ඉහළට

2022 අයවැයට අනුව නොවැම්බර් 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුරාබදු නිවේදනය නිකුත් කර ඇත. සංශෝධිත මත්පැන් මිලදේශීය මධ්‍යසාර 01 වර්ගය (මිලි ලීටර් 750) රුපියල් 96 කින්.තවත් දේශීය මධ්‍යසාර වර්ග 2ක් (මිලි ලීටර් 750) රුපියල් 103කින්.විදේශීය මත්පැන් (මිලි ලීටර් 750) රුපියල් 126 කින්.වයින් (මිලි ලීටර් 750) රුපියල් […]

Local News, Politics
November 13, 2021
362 views 0 secs 0

අයවැය දෙවන වර කියවීම අද

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 7ක් පැවැත්වෙන අතර, දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදු කෙරෙනු ඇති. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු9.30 රැස්වීමට නියමිතයි.

Local News, Uncategorized
November 13, 2021
330 views 0 secs 0

සිරිල් ගාමිණී පියතුමා යලි CID යට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළවයි. ගරු සිරිල් ගාමිණි පියතුමන්ට එළඹෙන සඳුදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යළි දැනුම් දී තිබෙනවා.

Local News
November 13, 2021
302 views 0 secs 0

අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන ලෙස අද දින සබරගමුව, වයඹ, මධ්‍යම සහඋතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව හා බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

Local News, Politics
November 12, 2021
322 views 0 secs 0

අයවැය අද පාර්ලිමේන්තුවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වෙයි.ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය […]

Local News
November 11, 2021
298 views 0 secs 0

“ශ්‍රී ලංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක්”-එරාන් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරේ ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක් බවයි.මෙම වසර දෙක තුළ කොවිඩ් වෙනුවෙන් වියදම් කළ ඇත්තේ රුපියල් බිලියන 170ක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.ඒ අනුව මාලදිවයින 6.7%ක් ,ඉන්දියාව 3.9%ක්. ඇෆ්ගනිස්තානය 2.1%ක්, පකිස්ථාන 2%, බංග්ලාදේශය 1.4% අදී වශයෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් වියදම් කර […]