Local News
April 26, 2021
339 views 0 secs 0

විශේෂ පුවතක්…

අද රාත්‍රී 8.00 සිට නැවත් දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල සහ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රා.නි. කොට්ඨාසය හුදෙකලා කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා..

Local News
April 23, 2021
354 views 0 secs 0

කොවිඩ් හේතුවෙන් ත්‍රිකුණාමලයේ පාසලක් වසා දැමේ..

ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව පාසල වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. අදාළ ගුරුවරියට දෙදිනකට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදීත් ඊයේ දිනයේදී පාසලට පැමිණීම නිසා පාසල මෙලෙස වසාදැමීමට තීරණය කර තිබේ.

Local News
April 22, 2021
361 views 0 secs 0

කුලියාපිටිය හුදකලා කෙරේ…

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Local News
April 22, 2021
350 views 0 secs 0

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ප්‍රදේශ හුදකලා කිරීමට තීරණයක්…

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැනට ව්‍යාප්ත වන වෛරස සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් පවතින බවත් ආසාදිතයන් වාර්තා වී පැතිරයාමේ තත්ත්වයක් ඇති වුවහොත් හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙම ක්‍රියාමර්ගය අනිවාර්යෙන්ම ගනු ලබන බව හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Local News
April 22, 2021
496 views 0 secs 0

දිවුලපිටියෙන් කොවිඩ් පොකුරක්…

දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සව දෙකකට සහභාගී වු පුද්ගලයින් පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය. පුද්ගලයින් 28දෙනෙක් මෙහිදී ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගි වු පුද්ගලයින් 19 දෙනෙකු සහ බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයට සහභාගි වු පුද්ගලයින් 9 දෙනෙකු ඒ […]

Local News
April 20, 2021
713 views 0 secs 0

කොවිඩ් රෝගීන් වාර්තා වීම 8 ගුණයකින් ඉහලට…

අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ, ඵ්Cර්‍ පරීක්ෂණ 100ක් සිදුකළ විට එයින් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස අවුරුද්දට පෙර වාර්තා වු බවය. නමුත් පසුගිය […]

Local News
April 20, 2021
630 views 0 secs 0

මෙවර මැයි රැළි නොපැවැත්වීමට තීරණයක්….

මෙවර මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වී තිබේ.හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අද (20) රැස්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් එම එකඟතාවයට පැමිණි බවය.

Local News
April 20, 2021
1331 views 0 secs 0

119/118 වැනි හදිසි දුරකථන අංක අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර…

පොලිසිය විසින් හදිසි අනතුරු, ආපදා හා අපරාද පිළිබඳව දැනුම් දීම සඳහා හඳුන්වා දී ඇති 119 දුරකථන අංකය අවභාවිතා කළ කාන්තාවන් දෙදෙනෙකු දංකොටුව පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන පසුව මාරවිල අධිකරණයට වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Local News
April 20, 2021
750 views 0 secs 0

ලංකාවේ මාර්ග අනතුරු වලින් 75%පමණ වගකිව යුතු වන්නේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදිකරුවන් – අජිත් රෝහණ

පසුගිය 18 වන දින දහවල් 12 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 අත්අඩංගුවට ගෙන ඇති අතර මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් 6,898 දෙනෙක් සඳහා අවශ්‍ය නීතිමය පියවර ද ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම, අප්‍රේල් 10 වනදා සිට 18 වන දින දක්වා කාලය තුළ වැඩි […]