Local News
March 22, 2021
730 views 1 sec 0

මස්කෙලියේ කොවිඩ් පොකුර…

මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලේ පැවති රැස්වීමකට එක් වූ පාලක සභාවේ නිලධාරියෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහු කොවිඩ්-19 ආසාදිත බව පසුව තහවුරු විය.ඉන් පසු කෝවිලේ පූජකවරයාටද වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ආශ්‍රිතයින් 35 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණ අතරින් තවත් ආසාදිතයින් 11 දෙනා හඳුනාගෙන තිබේ.

Local News
March 22, 2021
704 views 0 secs 0

අපවත් වූ අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක…

අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අවුරුදු අසූ නමයක් ආයු වළඳා අද දින අපවත් වී තිබෙනවා.අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ මෙලෙස අපවත් වූවා.

Local News
March 22, 2021
702 views 0 secs 0

අද සිට ක්‍රියාත්මක වන රථ වාහන පරීක්ශාව…

රථවාහනවල පවතින දෝෂ සෙවීම සඳහා අද (22) දිනයේ සිට දින 03ක කාලයක් රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.ගෙවුණු පැය 24ක කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.

Local News
March 22, 2021
1069 views 0 secs 0

ලෝක ජල දිනය අදයි…

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස නම් කරනු ලබන අතර 1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී මීට අදාළ යෝජනාව ඉදිරිපත් කළේය. ඊට සමගාමීව මෙරට තුළ ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Local News
March 20, 2021
789 views 0 secs 0

මරණයෙන් කෙළවර වූ පැරෂූට් පුහුණුව..

අද (20) උදෑසන අම්පාර ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දූෂාන් විජේසිංහ මහතා සඳහන් කළේය. අම්පාර ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා පැරෂූට් පුහුණු පාසලෙන් මොවුන් පුහුණුවීම් සඳහා පිටව ගොස් ඇති බව වාර්තා වේ. […]

Local News
March 20, 2021
765 views 0 secs 0

පස්සර අනතුරින් 15 දෙනෙකු මරුට….

අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ […]

Local News
March 16, 2021
687 views 0 secs 0

දුම්රියේ ගැටුනු බස් රථය…

කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (16) පස්වරු 2.30ට පමණ පුද්ගලික බස් රථයක් ගැටී සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. අනතුරෙන් තුවාල ලැබූ පිරිස මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Local News
March 16, 2021
717 views 0 secs 0

බුර්කා තහනම ගැන කෙහෙලියගේ ප්‍රකාශය..

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගනු ලබන්නේ විධිමත් අධ්‍යයනයකින් පසුව බවය. කෙසේ වෙතත් බුර්කාව හා ලියාපදිංචි නොකළ මද්‍රසා පාසැල් තහනම් කිරීමට අදාළ […]

Health, Local News
March 12, 2021
543 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 5ක්….

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව පවසයි. ඒ සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
March 10, 2021
640 views 0 secs 0

O/L නිමවීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීමෙන් වළකින්න.. විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට දැනුම් දෙයි..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත අතර විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙයි. පොදු දේපලවලට අලාභහානි කිරීම හෝ කොවිඩ් -19 මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර විභාග […]