World News
October 31, 2021
382 views 0 secs 0

ඉන්දීය අග්‍රාමාත්‍ය පාප් වහන්සේ හමුවේ….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී පැයක පමණ සාකච්ඡාවක් පවත්වා ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. අගමැති මෝදි සහ පාප් වහන්සේ අතර හමුව නියමිතව තිබුණේ විනාඩි 20කට පමණක් වන අතර එය පැයකට ආසන්න කාලයක් පැවැත්විණි.

World News
October 30, 2021
363 views 0 secs 0

අමෙරිකානු සහ ප්‍රංශ ජනපතිවරු අතර ගැටුමක්…?

අමෙරිකානු ජනාධිපති බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවූ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් තම රටට බිලියන ගණනක මුදලක් අහිමි වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර සිටියා. රෝමයේ විලා බොනපාට්හි පිහිටි ප්‍රංශයේ වතිකානු තානාපති කාර්යාලයේ මෙම හමුව සිදුවූ අතර ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන නිෂ්පාදනය කිරීමට ගිවිසුම්ගතවීමෙන් පසු […]

World News
October 22, 2021
337 views 2 secs 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය…

පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් කැපිටෝල් ගොඩනැගිල්ලට බලෙන් ඇතුළුවීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ Facebook හා Twitter ගිණුම් අත්හිටුවීමට එම සමාගම් තීරණය කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඔහු නැවත නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.“TRUTH Social” ලෙස මෙම සමාජ මාධ්‍ය ජාලය නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

World News
October 18, 2021
326 views 0 secs 0

කුෂිනගර් ගුවන්තොටුපොළට ප්‍රථම ගුවන් යානය ලංකාවෙන්…

ඉන්දියාවේ කුෂිනගර් හි 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන බදාදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් විවෘත කිරීමට නියමිත අතර විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

World News
October 07, 2021
368 views 0 secs 0

පකිස්තානයේ භූ කම්පනය…

පකිස්තානයේ බලොචිස්තාන පළාතේ රික්ටර් මාපකයේ ඒකක 5.7ක භූ කම්පනයක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 20ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

World News
September 30, 2021
359 views 0 secs 0

ජපානයට නව අගමැතිවරයෙක්…

ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා. ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යෝෂිහිඩේ සුගා වසරක පමණ කාලයක් ධූරය දැරීමෙන් පසු ඉන් ඉවත්වන බව මීට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර තිබුණා.

World News
September 27, 2021
354 views 0 secs 0

තලෙබාන්වරුන්ගේ අලුත් නීතිය…

ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ජනතාව සඳහා විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙන අතර එම නීතිය උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම මේ සම්බන්ධයෙන් වන නීතිය කාබුල් අගනුවර කොණ්ඩා කපන ස්ථානවලටද තලෙබාන් සංවිධානය විසින් දැනුම්දී තිබෙනවා.

World News
September 25, 2021
359 views 0 secs 0

නවදිල්ලි අධිකරණයක් තුළ සිදු වූ ඝාතණය….

ඉන්දියාවේ නවදිල්ලියේ අධිකරණයක් තුළදී ජිටේන්ද්‍ර මාන් ගෝගි නම් එම අපරාධ කල්ලි සාමාජිකයාට නීතිඥයින් ලෙස වෙස්වලාගෙන ආ දෙදෙනෙක් විසින් වෙඩිතබා තිබුණි.පොලීසිය විසින් ඔවුන් දෙදෙනාට වෙඩිතබා ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය.

World News
September 20, 2021
328 views 0 secs 0

ඇෆ්ගන් කාන්තාවන්ට රැකියාවේ නිරත වීම තහනම්…

1990 වර්ෂයේ සිට ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටි තලෙබාන් සංවිධානය කාන්තාවන් හට වෘත්තීය රැකියාවක් සහ අධ්‍යාපනය හැදැරීමේ අයිතිය තහනම් කර තිබුණි. නමුත් අන්තර්ජාතික හමුදා තලෙබාන්වරු පළවාහැර එරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් අනතුරුව කාන්තාවන් සමාජය තුළ නිදහස භුක්ති විඳින ආකාරය දැකගත හැකි විය. කෙසේවෙතත් අමෙරිකානු හමුදා එරටෙන් ඉවත්වීමෙන් පසු යළිත් වරක් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් තලෙබාන් සංවිධානය […]