අස්වාන් වල ගෝනුසු ආක්‍රමණය..
මාරාන්තික විෂ සහිත ගෝනුස්සන් දෂ්ට කිරීම හේතුවෙන් ඊජිප්තුවේ අස්වාන් නගරයේ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර ගෝනුස්සන් දෂ්ට කිරීම් හේතුවෙන් තවත් 450 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. අධික වැසි සහිත අහයපත් කාලගුණය හේතුවෙන් ගෝනුස්සන් නගරයේ වීදිවලට ගසාගෙන ගොස් තිබීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.
කොරියාවට ඇතුළුවීමට නව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අවස්ථාව
නුදුරු අනාගතයේ දී කොරියාවට නව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇතුළුවීම නැවත ආරම්භ කිරීමට කොරියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Santhush Woojin Jeong මහතා අද නිවේදනය කළේය.ඒ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවෙන් පැමිණෙන නව සංක්‍රමණික සේවකයින් සඳහා කොරියාව එහි දොරටු විවෘත කරන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් නව විදේශ ශ්‍රමිකයන් කොරියාවට ඇතුළුවීම සීමා කර […]
ඉරාක අගමැතිව ඝාතනය කිරීමට උත්සහයක්…
ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් යවමින් ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයින් උත්සහ දරා ඇති අතර එම මොහොතේ අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය […]
විදේශීය සංචාරකයන්ට දේශ සීමා ඉවත් කල ඇමරිකාව…
දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් වසර එක හමාරකට පසුව අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. බලධාරීන් පවසන්නේ විශාල සංචාරකයින් පිරිසක් රට තුළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. ඒ අනුව, එක්සත් රාජධානිය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඉරානය, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් ඇතුළු රටවල් 33ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ […]
කොවැක්සින් එන්නතට අනුමැතිය…
ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් මර්දන එන්නත ලැයිස්තුව වෙත ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එම අනුමැතිය ලබාදුන්නේ කොවැක්සින් එන්නතේ අවාසිවලට වඩා වාසි වැඩි බව පවසමිනි. එම එන්නත වෛරසයට එරෙහිව 78%ක ඵලදායිතාවක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කොවිඩ් නිසා වැසුණු චීනයේ ඩිස්නිලන්තය…
චීනයේ ෂැංහායි ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ඇය විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ෂැංහායි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත. ඩිස්නිලන්තය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කිරීමට නියමිත බව ෂැංහායි බලධාරීන් පවසයි.
ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාවට කොවිඩ් ආසාදනය වෙයි…
අමෙරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ය. 42 හැවිරිදි සාකි, කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබූ බවත් පසුගිය අඟහරුවාදා ජනාධිපති ජෝ බයිඩන් හමු වූ බවත් එම අවස්ථාවේ ඇය මීටරයකට වඩා වැඩි පරතරයක් තබාගෙන, මුඛ ආවරණ පැලඳ සිටි […]
තලෙබාන් ප්‍රධාන නායකයාගේ පළමු ප්‍රසිද්ධ හමුව…
තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ. ඒ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) පැවති උත්සවයකටයි. 2016 වසරේ සිට තලෙබාන් සංවිධානයේ නායකයෙකු ලෙස කටයුතු කරන අකුන්ද්සාදා ඇෆ්ගනිස්තානය තලෙබාන් ග්‍රහණයට යටත්වීමෙන් පසුව මේ දක්වා ප්‍රසිද්ධ හමුවකට සහභාගී නොතිබූ බව සඳහන් වන අතර ඒ හේතුවෙන් ඔහු මියගොස් ඇති […]
