World News
September 18, 2021
285 views 0 secs 0

මෝදිගේ ජන්ම දිනයේ ලෝක වාර්තාවක් තැබූ ඉන්දියාව…

ඊයේ (17) දිනට යෙදී තිබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 71 වන ජන්ම දිනයට සමගාමීව ඉන්දියාවේ ක්‍රියාත්මක කළ කොවිඩ් මර්දන එන්නත්කරණ විශේෂ වැඩසටහන යටතේ පුද්ගලයින් දෙකෝටි පනස් ලක්ෂයක පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙය දිනක් තුළ වැඩිම පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ලෝක වාර්තාවක්වේ මීට පෙර දිනක් තුළ වැඩිම පිරිසකට එන්නත්කරණය […]

World News
September 14, 2021
315 views 0 secs 0

මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අමතන විදේශ ඇමති…

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ එල්ලකල චෝදනාවලට, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් එහිදී පිළිතුරු ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

World News
September 13, 2021
282 views 0 secs 0

තලෙබාන් පාලනයේ අධ්‍යාපන නීති…

තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගන් තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවසර හිමිවන නමුත් පිරිමි ළමුන් හා එකට සිට අධ්‍යාපනය ලැබීමට නොහැකි බව නව උසස් අධ්‍යාපන ඇමති අබ්දුල් බාකි හකානි පවසා තිබේ. විශ්වවිද්‍යාල සිසුවියන් සඳහා නව ඇඳුම් කට්ටලයක් ද හඳුන්වාදෙන බව ඔහු සඳහන් කර ඇත. එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන් උගත යුතු විෂයන් පිළිබඳව සමාලෝචනයක්ද ඇමතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

World News
September 12, 2021
287 views 0 secs 0

අර්බිල් ගුවන්තොටුපොළ ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාරයක්…

උතුරු ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට, අමෙරිකානු හමුදාව ඉලක්ක කරමින් පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා 3ක් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මෙම ප්‍රහාර හේතුවෙන් අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදු වුවද, ඉන් ගුවන්තොටුපොළේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති අතර ෂියා මුස්ලිම් […]

Sports, World News
September 12, 2021
318 views 0 secs 0

වසර 44කට පසුව ලැබුණු ටෙනිස් ශූරතාවය….

බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි එමා රෙඩුකානෝ ඊයේ (11) නිව් යෝර්ක්හි පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ ශූරතාවය හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යය මෙසේ ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් හිමිකරගෙන තිබෙන්නේ වසර 44කට පසුවයි.. එහිදී එමා රෙඩුකානෝ විසින් කැනඩාව නියෝජනය කළ 19 හැවිරිදි ලෙයිලා ෆර්නැන්ඩස් පරාජයට පත්කර ඇත. එමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ එලිසෙබත් රැජිණ ද සිය සුබ […]

World News
September 09, 2021
302 views 0 secs 0

අද සහ හෙට ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි….

අද (09) සහ හෙට (10) දෙදින තුළ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් විවෘතකිරීමට තීරණය කර තිබේ. නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන වරින් වර විවෘතකිරීමට පියවර ගෙන තිබේ.

World News
September 08, 2021
444 views 0 secs 0

ජකර්තා අගනුවර බන්ධනාගාරයක ගින්නක්….

අද (07) අලුයම ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඉන්දුනීසියානු බලධාරින් සඳහන් කර […]

World News
September 07, 2021
486 views 0 secs 0

ඇෆ්ගනිස්තානය තුළ අතුරු රජයක්..

මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් ඇෆ්ගනිස්තානය තුළ පිහිට වූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කරන අතර මෙම සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර් එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන ද බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News
September 03, 2021
443 views 0 secs 0

නවසීලන්තයේ පිහි ඇනුමක්.. සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට…

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේදී සුපිරි වෙළෙඳසැලක් තුලදී පුද්ගලයින් පිරිසකට තියුණු අයුධයකින් පහරදුන් පුද්ගලයෙක් ව වෙඩිතබා ඝාතනය කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ. මෙම සිදුවීම නිස පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වෙළෙඳසැල් සංකීර්ණය තුළ සිටි පුද්ගලයින් බියට පත්ව කෑකෝ ගසමින් එහා මෙහා යන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් […]

World News
August 25, 2021
332 views 0 secs 0

චීනයෙන් සයිනෆෝම් තොගයක පරිත්‍යාගයක්…

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලක්ෂ 3 ක සයිනෆෝම් එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.