Health, World News
March 18, 2022
364 views 0 secs 0

තවත් කොවිඩ් විකෘතියක්…..?

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය, නව කොවිඩ් විකෘතියක් හමුවී ඇති බව නිවේදනය කර සිටියා. මෙම නව ප්‍රභේදය අසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු එරටින් හමුවී ඇති බව වාර්තා වන අතර ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ ඔමික්‍රෝන්හි අනු ප්‍රභේද දෙකක් එකිනෙක මිශ්‍ර වීමෙන් මෙම විකෘතිය නිර්මාණය වී ඇති බවයි. මෙය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

World News
March 17, 2022
228 views 0 secs 0

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ආර්. කේ. සිංග් මහතා හමුවෙයි…

අද (17) දහවල් ඉන්දීය සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී එරට නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආර්. කේ . සිංග් මහතා හමු වී තිබේ. එහිදී දෙරට අතර සහයෝගිතාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

World News
March 15, 2022
226 views 0 secs 0

ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළට

ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබුණා. දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Politics, World News
March 11, 2022
253 views 0 secs 0

ප්‍රාන්ත සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්..

ඊයේ පැවති ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සිය පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින්, 2022 ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල මගින් 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කර ඇති බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර සිටියා. ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත 4ක බලය තහවුරු කරගෙන තිබේ. උත්තර් ප්‍රදේශ්, උත්තර්කන්ද් ,මනිපූර් […]

World News
March 10, 2022
208 views 0 secs 0

යුක්‍රේන රෝහලකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර….

රුසියාව යුක්‍රේනයේ මරියපෝල් නගරයේ රෝහලකට එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකු මිය ගොස් ඇති අතර, මෙම ප්‍රහාරය යුද අපරාධයක් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි. මෙය කම්පා සහගත ප්‍රහාරයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.මේ අතර ඊයේ දින, […]

World News
March 08, 2022
199 views 0 secs 0

මිලියන 2කක ජනතාව යුක්‍රේනය හැර ගිහින්..

එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්‍රේනයේ ජීවත් වෙන පුද්ගලයින් මිලියන 02ක් අද (08) වන විට යුක්‍රේනය අත්හැර ගොස් ඇති බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝප ඉතිහාසයේ විශාලතම සරණාගත අර්බුදයට මුහුණ දෙමින් ඇති බව ඔහු මීට පෙර […]

World News
March 01, 2022
199 views 0 secs 0

රුසියානු යුක්‍රේන සාකච්ඡා අවසන්…

රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා ඊයේ (28) අවසන් කර දෙරටේ නියෝජිත කණ්ඩායම් සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද සාකච්ඡාව සම්බන්ධ නිල තොරතුරු කිසිවක් මාධ්‍යයට අණාවරණය කර නොමැති අතර දෙරට අතර දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීම කෙරේ මෙහිදී අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

World News
February 28, 2022
209 views 0 secs 0

කදිනල් පාප් හමුව….

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී තිබේ. එහි දී පාස්කු ප්‍රහාරයේ පරීක්ශණ වල වත්මන් තත්වය සාකච්ඡා කර ඇති බව වාර්තා වේ..

World News
February 28, 2022
210 views 0 secs 0

යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ඇරඹේ….

බෙලරුසියානු දේශසීමාවේ යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව යුක්රේන ජනාධිපති උපදේශක මයිකයිලෝ පොඩොල්යාක් කෙටි පණිවුඩයක් මගින් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

World News
January 31, 2022
236 views 0 secs 0

සිය දිවි නසාගත් ඇමරිකානු රූ රැජින…

අමෙරිකානු රූ රැජිනක් වන 30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි. ඇය එම නිවාස සංකීරණයේම 9 වැනි මහලේ ජීවත් වූ අතර ඇයගේ සිරුර උදෑසන 7ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවූ බව වාර්තා වේ. ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි […]