World News
July 02, 2022
271 views 0 secs 0

පාර්ලිමේන්තුවට ගිනි තැබූ ලිබියන් විරෝධතාකරුවන්…

අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාම හා දේශපාලන අර්බුදයට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදීපිරිසක් විසින් ලිබියාවේ ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය. මේ වනවිට එම විරෝධතා ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද පැවැත්වෙන අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ වහාම මැතිවරණයක් පවත්වන ලෙසයි. මෙම විරෝධතා සඳහා අන්තර්වාර […]

World News
June 01, 2022
381 views 0 secs 0

සුපිරි ගායක KK අභාවප්‍රාප්ත වෙයි….

53 වන වියේ පසුවූ බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් පසු මියගොස් තිබෙනවා. සජීවී ප්‍රසංගය අවසන්වී රාත්‍රී 10.30 ට පමණ තම හෝටලයට ආපසු එන විට අසනීපවී තිබෙන ඛ්ඛ්, දකුණු කොල්කටා හි පෞද්ගලික රෝහලකට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි එරට වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. භාෂා ගණනාවකින් […]

World News
May 25, 2022
337 views 0 secs 0

ටෙක්සාස් හි පාසලක වෙඩි තැබීමක්….

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන සිසුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. වෙඩි තැබීම සිදු කළ 18 හැවිරිදි සැකකරු ද පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර ඔහු සිය මෝටර් රථය පාසල අසළ නතර කර ගිනි අවි […]

Politics, World News
May 22, 2022
296 views 0 secs 0

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ලාංකීය කත..

කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් මැතිවරණ ආසනය නියෝජනය කල ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලබා තිබේ. සිය 11 වැනි වියේදී එනම් 1999 වසරේදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙන අතර ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු කාන්තාව වේ. හෝල්ට් මැතිවරණ ආසනයෙන් ලිබරල් පක්ෂයෙන් ඇයට එරෙහිව […]

World News
May 15, 2022
449 views 0 secs 0

නිව්යෝර්ක් හි වෙඩි තැබීමක් – 10 දෙනෙකු ජීවිතක්ෂයට…

අමෙරිකාවේ නිව්යොර්ක් නුවර වෙළෙඳ සැලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කල අතර සුදු ජාතිකයෙකු විසින් කළු ජාතිකයින් ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර තිබේ. වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමේ අරමුණින් සැකකරු වෙඩි තැබීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ […]

Sports, World News
May 15, 2022
282 views 0 secs 0

ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් ජීවිතක්ෂයට…

ඔස්ට්‍රේලියා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් ක්වීන්ස්ලන්ඩ් හිදීරිය අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය යන විට 46 වැනි වියේ පසු ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 ක්, එක්දින තරඟ 198 ක් සහ පන්දුවාර 20 තරඟ 14 කට ඇන්ඩෘ සයිමන්ඩ්ස් ක්‍රීඩා කර තිබෙනවා.

World News
May 07, 2022
295 views 0 secs 0

යුක්‍රේනයට ඇමරිකාවෙන් යුධ ආධාර…

ඇමරිකාව යුක්‍රේනයට තවත් ඩොලර් මිලියන 150 ක මිලිටරි ආධාර ලබා දී තිබේ. රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සඳහන් කළේ, මේ වනවිට ඩොලර් බිලියන 3.8 ක මිලිටරි ආධාර යුක්‍රේනයට ලබා දී ඇති බවයි. එම ආධාර රුසියානු ආක්‍රමණය ආරම්භයේ සිට මේ දක්වා ලබා දුන් බවත් රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. යුක්‍රේනයට සිය රට සහ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කිරීම […]

World News
April 28, 2022
325 views 0 secs 0

රුසියානු සංචාරයෙන් පසු යුක්‍රේනයට ගිය අන්තෝනියෝ …

රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට පැමිණ තිබේ. රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කළ බව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ, මානූෂීය සහයෝගය පුළුල් කිරීම වෙනුවෙන් තමා රුසියානු සංචාරයෙන් පසු යුක්‍රේනයට පැමිණි බවත්, යුක්‍රේනයේ ගැටුම් කලාපවලින් සිවිල් වැසියන් […]

World News
April 26, 2022
265 views 0 secs 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට දැනුම් දීමක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පවසා ඇත්තේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස සහ බදු ඉහළ නංවන ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂ ඈන් මරී විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කළ යුතු බවයි. ඈන් මරී එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ පසුගිය […]