චීනයේ ගුවන් යානයක් Guangxi හි දී කඩා වැටේ
පුද්ගලයන් 133 දෙනෙකු රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් Guangxi පළාතේදී කඩා වැටී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක් වූ සංඛ්‍යාව සහ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.MU5735 ගුවන් යානය දේශීය වේලාවෙන් 13:15ට (GMT 05:15) Kunming පිටත් වීමට නියමිතව තිබූ අතර Guangzhou වෙත ගමන් කරමින් සිටියේය.ගුවන් ගමන් නිරීක්ෂණ අඩවි වාර්තා […]
තවත් කොවිඩ් විකෘතියක්…..?
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය, නව කොවිඩ් විකෘතියක් හමුවී ඇති බව නිවේදනය කර සිටියා. මෙම නව ප්‍රභේදය අසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු එරටින් හමුවී ඇති බව වාර්තා වන අතර ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ ඔමික්‍රෝන්හි අනු ප්‍රභේද දෙකක් එකිනෙක මිශ්‍ර වීමෙන් මෙම විකෘතිය නිර්මාණය වී ඇති බවයි. මෙය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රාන්ත සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්..
ඊයේ පැවති ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සිය පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින්, 2022 ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල මගින් 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කර ඇති බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර සිටියා. ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත 4ක බලය තහවුරු කරගෙන තිබේ. උත්තර් ප්‍රදේශ්, උත්තර්කන්ද් ,මනිපූර් […]
යුක්‍රේන රෝහලකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර….
රුසියාව යුක්‍රේනයේ මරියපෝල් නගරයේ රෝහලකට එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකු මිය ගොස් ඇති අතර, මෙම ප්‍රහාරය යුද අපරාධයක් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි. මෙය කම්පා සහගත ප්‍රහාරයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.මේ අතර ඊයේ දින, […]
මිලියන 2කක ජනතාව යුක්‍රේනය හැර ගිහින්..
එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්‍රේනයේ ජීවත් වෙන පුද්ගලයින් මිලියන 02ක් අද (08) වන විට යුක්‍රේනය අත්හැර ගොස් ඇති බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝප ඉතිහාසයේ විශාලතම සරණාගත අර්බුදයට මුහුණ දෙමින් ඇති බව ඔහු මීට පෙර […]
රුසියානු යුක්‍රේන සාකච්ඡා අවසන්…
රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා ඊයේ (28) අවසන් කර දෙරටේ නියෝජිත කණ්ඩායම් සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද සාකච්ඡාව සම්බන්ධ නිල තොරතුරු කිසිවක් මාධ්‍යයට අණාවරණය කර නොමැති අතර දෙරට අතර දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීම කෙරේ මෙහිදී අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.
