World News
January 31, 2022
333 views 0 secs 0

සිය දිවි නසාගත් ඇමරිකානු රූ රැජින…

අමෙරිකානු රූ රැජිනක් වන 30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි. ඇය එම නිවාස සංකීරණයේම 9 වැනි මහලේ ජීවත් වූ අතර ඇයගේ සිරුර උදෑසන 7ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවූ බව වාර්තා වේ. ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි […]

World News
January 22, 2022
308 views 0 secs 0

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක්….

යේමනයේ හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. මෙම ගුවන් ප්‍රහාරය සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21) එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. යේමනයේ ක්‍රියාත්මක කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අරාබි රාජ්‍යයන්ගේ සන්ධානය විසින් 2015 වසරේ සිට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය […]

World News
January 03, 2022
350 views 0 secs 0

තායිවානයේ භූ කම්පනයක්…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.කෙසේවෙතත් ඉන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

World News
January 03, 2022
333 views 0 secs 0

සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි…

සුඩානයේ ජනතාව විසින් කාර්ටූම් අගනගරයේ පැවති උද්ඝෝෂණ වලින් අනතුරුව එරට අගමැති අබ්ඩල්ලා හැම්ඩොක් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව සිවිල් පාලනය නෙරපා බලය දැහැ ගැනීමට හමුදා නායකයින් කටයුතු කළේය. පසුව අගමැතිවරයා ලෙස අබ්ඩල්ලා හැම්ඩොක් ව පත්කළ ද හමුදා පාලකයින් ඉවත්වී සම්පූර්ණ සිවිල් පාලනයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව පවසමින් […]

World News
December 27, 2021
366 views 0 secs 0

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වේ…

ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මරණයට පත් වී තිබේ. එය ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් මරණය ලෙස වාර්තා වේ. අදාළ පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදිත වී දින කිහිපයකට පසුව ඔහුට වැළදී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබුණි. රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අනතුරුව ඔහු අදාළ සත්කාර මධ්‍යස්ථානයෙන් […]

World News
December 19, 2021
374 views 0 secs 0

පාකිස්තානයේ පිපිරීමක්…

පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරේ.සිද්ධියෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසයි.

World News
December 13, 2021
362 views 1 sec 0

දකුණු අප්‍රිකානු ජනාධිපතිට කොවිඩ් අසාදනය වෙයි…

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මේ වන විට ඔහු හි ස්වයං-නිරෝධායනට යොමුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරයා සුවය ලබන තෙක් රටේ පාලන කටයුතු නියෝජ්‍ය ජනාධිපති ඩේවිඩ් මබුසා ට පවරා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම පසුගිය සතිය තුළ ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතා […]

World News
December 08, 2021
350 views 0 secs 0

පාකිස්තානයෙන් වාර්තා වුණ තවත් මිලෙච්ඡ ක්‍රියාවක්…

පාකිස්තානයේ වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් බව පවසමින් කාන්තාවන් සිව්දෙනකු නිරුවත් කර පහරදීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෙළෙඳසැළේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

World News
December 08, 2021
350 views 0 secs 0

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජීවිතක්ශයට…

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් හෙළිකොප්ටර් අනතුර්කින් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී යානය කඩා වැටී ඇති අතර ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු 13 දෙනෙකු ද එම අනතුරෙන් මියගොස් ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකු […]

World News
December 05, 2021
341 views 0 secs 0

ප්‍රියන්තගේ දේහය දිවයිනට රැගෙන ඒමට කටයුතු..

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය හෙට (06) පෙරවරු 10ට ශ්‍රී ලංකාවට එවීමට නියමිතව පන්ජාබ් රජයේ ප්‍රකාශකයෙකු පැවසීය. එම දේහය ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ..