World News
September 21, 2022
284 views 0 secs 0

“නන්මඩෝල්” හේතුවෙන් මිලියන 9ක් ආරක්ශිත ස්ථාන වෙත..

ජපානයට බලපෑ නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් මිලියන නවයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙතෙක් කියුෂූ දිවයිනට බලපා තිබූ කුණාටුව අද වන විට හෝන්ෂූ දිවයිනට ලගා විය හැකි බවට ජපාන කාළගුණ බලධාරීන් ප්‍රකාශ කර සිටියා.එමෙන්ම සුළිකුණාටුව හේතුවෙන් මේ වන විට සිව් දෙනෙකුට දි අහිමි වී ඇති බවද […]

World News
September 19, 2022
283 views 0 secs 0

රැජිණගේ අවමංගල්‍යය උත්සවයේ සජීවී විකාශය….

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබෙන අතර එහි සජීවී විකාශය අද පස්වරු 3.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

World News
September 18, 2022
862 views 0 secs 0

කසකස්තාන් අගනුවර නම යළි වෙනස් වෙයි…

කසකස්ථානයේ අගනුවර “අස්තානා” ලෙස වෙනස් කර තිබේ. බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් මීට පෙර එම නුවර, නූර්-සුල්තාන් ලෙස වෙනස් කර තිබිණු අතර, ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අගනගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කිරීමට එරට නව ජනපති කාසීම් ජෝර්මාට් ටොකයෙව් කටයුතු කර තිබුණි. ඒ සමගම කසකස්තානයේ ජනපති ධූර කාලය අවුරුදු […]

World News
September 18, 2022
307 views 0 secs 0

නන්මඩෝල් හේත්වෙන් ජපාන කියුෂු දූපතට දැඩි බලපෑම්…

නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 270 ක වේගයෙන් හමායන බව විදෙස් වාර්තා පෙන්වා දී සිටි අතර කගෝෂිමා, මියසාකි සහ ඒමකුසා නගරවලට වැඩි බලපෑමක් එල්ල විය හැකි බව ජපාන ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී […]

World News
September 12, 2022
276 views 0 secs 0

අද මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වේ.

අදින් (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වනවා. ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා එම සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද […]

World News
September 11, 2022
319 views 0 secs 0

නිව්යෝර්ක් හි හදිසි තත්වයක්..

අපජල සාම්පල වල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීමත් සමග ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ හේතුවෙන් පෝලියෝ රෝගයට එරෙහිව එන්නත්කරණය ඉහළ නැංවීමට නිව්යෝර්ක්හි බලධාරීන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.එමෙන්ම දැනට මේ එන්නත ලබාගෙන ඇති යම් පුද්ගලයෙක් හෝ පෝලියෝ ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇත්නම්, එම පුද්ගලයින් බූස්ටර් […]

World News
September 09, 2022
289 views 0 secs 0

රාජකීය දිවියක නිමාව…..

70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මිය යන විට ඇය 96 වැනි වියේ පසු වූ අතර ඈ රෝගාතුරව සිටි අවසන් මොහොතේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු ම සාමාජිකයින් ඈ වටා රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. රුජිණගේ වියෝවත් සමග බකිංහැම් […]

World News
September 05, 2022
263 views 1 sec 0

බ්‍රිතාන්‍යය මීළඟ අගමැති පත්වීමට නියමිතයි…

අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයේ ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ලබා ගෙන Liz Truss ජයග්‍රහණය කිරීමට සමත් වුණා. හෙට (06) දින නිල වශයෙන් ඇය රටේ නායකත්වය භාර ගැනීමට සූදානම් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

World News
September 05, 2022
268 views 0 secs 0

කාබුල්හි රුසියන් තානාපති කාර්යාලය අසල ප්‍රහාරයක්…

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසල දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ප්‍රහාරයෙන් රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.