World News
October 04, 2022
255 views 0 secs 0

ස්වීඩනයට ගිය වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය..

වෛද්‍ය විද්‍යාව සදහා හිමි නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ස්වීඩන් ජාතික ස්වැන්තේ පාබෝ සමත් වී තිබෙන අතර වදවී ගිය මානව පරිණාමය සම්බන්ධව ඔහු සිදු කල සොයාගැනීම් සදහා එය ඔහුට හිමි වී තිබෙන බව වාර්තා වේ.

World News
October 03, 2022
221 views 0 secs 0

26 දෙනෙකුට දිවි අහිමි කල අනතුර..

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පුර් නගරයේ ඝටම්පූර් නම් ප්‍රදේශයේදී හින්දු උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් කරා යමින් සිටි පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් ජලාශයකට පෙරළීමෙන් 26 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. මියගොස් ඇති බහුතරය කාන්තාවන් සහ ළමයින් වන අතර සිද්ධියෙන් තවත් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

World News
September 30, 2022
258 views 0 secs 0

ශ්‍රී ලංකාවට ජපන් ආධාර UNICEF ආයතනය  පිළිගනී.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් පීඩාවට පත් දරුවන් සහ පවුල් සඳහා පෝෂණ සේවා සැපයීම සඳහා ජපාන රජයෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක දායකත්වය UNICEF සාදරයෙන් පිළිගනී. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන්, දරුවන් රැකබලා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ලබා ගැනීම, පරීක්‍ෂණ සිදු කිරීම සහ මන්දපෝෂණය සඳහා උපදේශනය ඇතුළු අවශ්‍ය පසු විපරම් සැපයීම […]

World News
September 30, 2022
244 views 0 secs 0

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්…

මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම භූකම්පනය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර් 112 ක් පමණ දුරකට දැනී ඇති බවට එරට භූ කම්පනය මධ්‍යස්ථානය සදහන් කර තිබුණා. කෙසේ වෙතත් මෙමගින් ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද වාර්තා […]

World News
September 29, 2022
266 views 4 secs 0

අභිරහස් ලෙස මරණයට පත් වූ රැප් ගායකයා…

ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු වන Coolio අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ අතර වර්ෂ 1980දී Coolio සිය සංගීත ජීවිතය ආරම්භ කළද 1995දී ඔහු විසින් නිර්මාණය කල Gangsta’s Paradise හරහා ඔහු ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූයේ ය. Coolio සිරුර හමුව ඇත්තේ Los Angeles හි පිහිටි ඔහුගේ […]

World News
September 28, 2022
253 views 1 sec 0

ජපාන අගමැති හා ජනපති රනිල් අතර හමුවක්…

අද (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා ((Fumio Kishida) අතර හමුවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ජපාන […]

World News
September 28, 2022
239 views 0 secs 0

සෞදියේ ඔටුන්න හිමි කුමරු රාජධානියේ අගමැති වෙයි. 

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් රාජධානියේ අමාත්‍ය මණ්ඩලය නැවත සකස් කරමින් රාජකීය නියෝගයක් නිකුත් කළ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සෞදි ප්‍රෙස් ඒජන්සිය (SPA) අඟහරුවාදා ප්‍රකාශ කළේය. එම නියෝගයට අනුව, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අගමැති වනු ඇත. කැබිනට් සංශෝධනයක් මධ්‍යයේ කලීඩ් බින් සල්මාන් කුමරු ආරක්‍ෂක අමාත්‍ය ධුරයට පත්වනු ඇත.

World News
September 26, 2022
223 views 0 secs 0

20 දෙනෙකුට දිවි අහිමි කල රුසියාවේ වෙඩි තැබීම…

රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තාවේ. මෙම පාසලේ සිසුන් 1000 ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ගුරුවරුන් ද 80 දෙනෙකු පමණ සිටින බව වාර්තා ඒ. මෙහිදී තුවක්කුකරු ද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති අතර […]

Health, World News
September 24, 2022
248 views 0 secs 0

ඉබෝලා හේතුවෙන් උගන්ඩාවේ මරණ 4ක්…

උගන්ඩාවේ පසුගිය දින කිහිපය තුළ ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. එමෙන්ම කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව ද සඳහන් වන අතර එය තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.