පකිස්ථාන හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්..
විරෝධතා පාගමනක් අතරතුරදී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී තිබෙන බවද වාර්තා වේ. ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරන විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදී ඉම්රාන් ඛාන් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබුණි.
ඉන්දියාවේ පාලම් අනතුර…
ඉන්දියාවේ පාලමක් ගඟකට කඩා වැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ ගුජරාට්හි ඇති මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක මෙම අනතුර සිදුව ඇති අතර පාලම කඩවැටෙන අවස්ථාවේ එහි 400ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වෙයි. ඔවුන් සාත් පුජාවට සහභාගීවීම සඳහා යමින් සිටියදී එම අනතුර සිදුව ඇත. මෙම පාලම යළි සකස් […]
හැලෝවීන් සාදය අතරතුරු සිදු වූ අනතුර…
දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 149 පමණ මියගොස් ඇතිමතර තවත් පුද්ගලයින් 76 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.. දකුණු කොරියාවේ ඊයේ රාත්‍රීයේ සංවිධානය කරතිබූ හැලොවින් සාදයක් අතරතුර මෙම තෙරපීම සිදුව ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව සඳහන් වේ. අදාළ උත්සවය සඳහා විශාල […]
චීනයේ පිටුබලය ලබන AIIB ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 100ක් පොරොන්දු වෙයි
චීනයේ පිටුබලය ලබන Asian Infrastructure Investment Bank (AIIB) ශ්‍රී ලංකාව ඇතුළු බරපතල ණය ගැටලුවලට මුහුණ දී සිටින රටවල් සඳහා සහය ලබා දීමට ප්‍රතිඥා දී ඇත.රොයිටර් පුවත් සේවයට අනුව, AIIB සභාපති ජින් ලිකුන් නිවේදනය කළේ අර්බුදකාරී ශ්‍රී ලංකාව සඳහා AIIB ඩොලර් මිලියන 100 ක අරමුදලක් ගෙනහැර දක්වා ඇති බවයි.“අපගේ අවිනිශ්චිත යුගයේ, පවතින වසංගත කඩාකප්පල් කිරීම් සහ […]
අගමැති සටනෙන් ඉවත් වූ බොරිස් ජොන්සන්…
කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තමා ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පවසනවා. තමන්ට කොන්සර්වේටිව් පක්ෂය තුළ බහුතරයක් ඇති නමුත් මෙම අවස්ථාවේ නායකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් තරඟ කිරීම සුදුසු නොවන බවට ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ අනුව එම පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක් ඉදිරිපත්ව […]
රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ විදුලි සැපයුමට බාධා…
පසුගිය 10 වන දා සිට රුසියාව එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ, යුක්‍රේනයේ බලාගාරවලින් 30% ක් පමණ හානි වී ඇතැයි එරට ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කර සිටියා මේ හේතුවෙන් සියලු විදුලි උපාංග ආරෝපණය කරගන්නැයි එරට ජාතික බලශක්ති සමාගම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා කර සිටියා. වරකට පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන අතර […]
