World News
March 31, 2023
254 views 0 secs 0

ඉලොන් මාස්ක් චීනයට….

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මාස්ක් ලබන මස සංචාරයක් සඳහා චීනයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියා. එම සංචාරයේදී ඔහු චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග් හමුවීමටද නියමිතය. ටෙස්ලා මෝටර් රථ සඳහා ලොව දෙවැනි විශාලතම වෙළෙඳපොළ වන්නේ චීනය යි.

World News
March 26, 2023
259 views 0 secs 0

ටික්ටොක් ඇතුලු සමාජ මාධ්‍ය කිහිපයක් තහනම් කෙරේ…

ටික්ටොක්, ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් තහනම් කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබේ. රජයේ සේවකයන්ගේ දුරකථන සදහා එම මෙවලම් භාවිතා නොකරන ලෙස දැනුම් දී තිබෙන අතර දත්ත වල ආරක්ෂාව සම්බන්ධව ඇති අවිනිශ්චිතතාවය නිසා මෙලෙස තීරණය කල බව එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියා.

World News
March 22, 2023
253 views 0 secs 0

ඇෆ්ගනිස්ථාන හා උතුරු පකිස්ථානය ආසන්නව භූ කම්පනයක්..

ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පකිස්ථානය ආශ්‍රිතව හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය. භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 6.5 ක් ලෙස සටහන් වී ඇති අතර එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාව සහ පාකිස්ථානයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල […]

World News
March 21, 2023
240 views 0 secs 0

මෙක්සිකෝවේ පිපිරීමකින් 7ක් දෙනෙකු ජීවිතක්ෂයට…

මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ. නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන අතරතුවාල ලැබූ පිරිසෙන් කිහිපදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News
March 17, 2023
246 views 0 secs 0

පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු….

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන අතර එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් නම් නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීමයි.

World News
March 10, 2023
231 views 0 secs 0

හත් දෙනෙකුට දිවි අහිමි කල ජර්මනියේ වෙඩි ප්‍රහාරය….

ජර්මනියේ Hamburg හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය ජර්මනියේ පල්ලියක් ආශ්‍රිතව සිදි වී ඇති අතර නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති තොරතුරු වාර්තා වෙයි. සිද්ඪියෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබේ. කෙසේ වුවද ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට සැකපළ […]

World News
March 05, 2023
276 views 0 secs 0

බංගලාදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක්…

බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. තුවාල ලැබු පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර පිපීරීමෙන් අනතුරුව බලාගාරය තුළ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට මළසිරුරු 6ක් සොයාගෙන ඇති බව වාර්තා වේ. එම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව අතර සහන කණ්ඩායම්වල මැදිහත්වීමෙන් […]

World News
March 04, 2023
236 views 0 secs 0

ඉන්දුනිසියවේ ගින්නකින් 17කට දිවි අහිමි වෙයි…

ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ජනාකීර්ණ ජකර්තා නගරයේ රාජ්‍ය තෙල් හා ගෑස් සමාගමක ඉන්ධන ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න ශීඝ්‍රයෙන් අසළ නිවෙස්වලට ද ව්‍යාප්තවී ඇත. දරුණු පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් 50 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ගිනි නිවන […]

World News
February 22, 2023
264 views 0 secs 0

පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීමට දින නියම කෙරේ..

මැතිවරණ කොමිසමේ බලය අභිබවමින් අප්‍රේල් මස 09 වැනිදා පාකිස්ථානයේ පළාත් දෙකක මැතිවරණය පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ඒකමතික තීරණයක් ගෙන තිබේ. පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති බවට මුදල් අමාතශ්‍යංශය ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බව පාකිස්ථාන මැතිවරණ […]

World News
February 20, 2023
244 views 0 secs 0

යුක්‍රේනයට ගිය ජෝ බයිඩන්…

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පෙර දැනුම් දීමකින් තොරව යුක්‍රේනයේ කියෙව් අගනුවරට පැමිණ තිබෙන බව විදෙස් මාද්‍ය වාර්තා කර සිටියා. යුක්‍රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර පුද්ගයින් 107 දෙනෙකු මියයාමේ, නව වැනි සැමරුම සිදු වූ දිනයේ මෙම සංචාරය සිදුව තිබෙන අතර එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා හා යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. එමෙන්ම […]