World News
January 26, 2023
281 views 0 secs 0

පළමුවරට ඉන්දීය හා ඊජිප්තු හමුදාව යුද අභ්‍යාසයක…

ඉන්දීය ජනරජ දිනයට සමගාමීව පළමුවරට ඉන්දීය හමුදාව සහ ඊජිප්තු හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවක් මේ දිනවල පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සඳහා දෙරටේ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් එක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාව ජනවාරි 14 වනදා ආරම්භවී ඇති අතර දින 14 ක් පුරා පැවැත්වෙනු ඇත.

World News
January 26, 2023
265 views 0 secs 0

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් පුද්ගලයින් 16ක් මරුට…

පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් කුඩා ළමුන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. පසුගිය සතිය තුළ ද මෙම ප්‍රදේශයේ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් පුද්ගලයින් මියයාමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබුණි.

World News
January 26, 2023
297 views 0 secs 0

ණය ගෙවීමට දුන් කාලය තවත් දීර්ඝ කරයි….

චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ලබා දී ඇති කාල සීමාව වසර දෙකකින් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමේ වැඩපිළිවළට ද සහය ලබාදෙන බවද, ශ්‍රී ලංකාව දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙන බැවින් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට හැකි පමණින් උදව් […]

World News
January 25, 2023
280 views 1 sec 0

නවසීලන්ත නව අගමැති….

නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව නව අග්‍රමාත්‍යවරයා ලෙස 44 හැවිරිදි Chris Hipkins දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මීට පෙර පොලිස් අමාත්‍යවරයෙකු හා අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

World News
January 19, 2023
267 views 0 secs 0

නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමේ තීරණයක..

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇය ප්‍රකාශ කර තිබේ.

World News
January 18, 2023
327 views 0 secs 0

වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි…

ඉහළ පෙළේ දූෂණ වංචා රැසක් පිළිබඳව චෝදනා එල්ල වී තිබූ වියට්නාම ජනපති නුයෙන් ෂුආන් ෆුක් ඉල්ලා අස් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම වංචා දූෂණ පිළිබඳව අදහස් දැක්වීමට එරට කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කර තිබූ මධ්‍යම කාරක සභා සැසියේ දී ඔහු එලෙස ඉල්ලා අස්වී තිබේ. අතර 68 හැවිරිදි ෆුක් 1979 දී පළාත් මට්ටමින් […]

World News
January 01, 2023
267 views 0 secs 0

බොරතෙල් මිල ඉහලට….

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දැක්විණි.

World News
December 07, 2022
301 views 0 secs 0

අඩි 55ක් ගැඹුරු ළිඳේ සිරවූ දරුවා…

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වල වයස අවුරුදු 8ක කුඩා දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම දරුවා මේ වනවිට පැය 16ක කාලයක් ළිඳ තුළ සිරවී සිටින අතර දරුවා ළිඳේ අඩි 55ක පමණ උසක සිරවී සිටින බවට උපකල්පනය කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ දරුවට ඉහළින් මඩ තට්ටුවක් […]

World News
December 07, 2022
283 views 0 secs 0

පාකිස්තානයේ ප්‍රබල උද්ඝෝෂණ මාලාවක්…

විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබෙන බව විදෙස් මාධ්ය ප්‍රකාශ කර සිටියා. ජනතාවට පැය 22ක් තරම් දිගු කාලයක් විදුලි කප්පාදුවකින් පීඩා විඳීන්නට සිදුවී ඇති අතර විරෝධතාකරුවන් පන්දම් රැගෙන රජයට එරෙහි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතවී සිටින බවත්, පාකිස්තාන රජයට එරෙහි දේශපාලනඥයින් හා සමාජ ක්‍රියාකාරීන් රැසක් ද විරෝධතා […]

World News
December 07, 2022
313 views 0 secs 0

උතුරුදිග ඇෆ්ගනිස්තානයේ පිපිරීමක්….

උතුරුදිග ඇෆ්ගනිස්තානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර සිටියා. ඇෆ්ගනිස්තාන, උස්බෙකිස්ථාන දේශසීමාව සමීපයේ උතුරුදිග බල්ක් නගරය ආසන්නයේ සිදුවූ එම පිපිරීමේ ඉලක්කය වී තිබුණේ කම්කරුවන් පිරිසක් රැගත් බස් රථයකි. කෙසේ වුවද මෙම පිපිරීම සිදුවූ ආකාරය මෙතෙක් නිශ්චිතව පැහැදිලි කර නොමැත.