FEATURE
on Oct 24, 2025
34 views 0 secs

කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය අසල මුහුදේ හඳුනා නොගත් පුද්ගල මළසිරුරක් සොයා ගැනීමෙන් පසු, කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. පොලීසිය සඳහන් කරන්නේ, මරණය පත් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි. ඒ වයසින් අඩි පහක් පමණ උසැති, මදක් වැවුණු කොණ්ඩයක් සහිත පුද්ගලයෙකු වන අතර, මෘතදේහය දැඩි ලෙස නරක්වී හඳුනාගැනීමට අපහසු තත්ත්වයක පවතී. […]

FEATURE
on Oct 21, 2025
34 views 0 secs

ජපානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ‘ජපානයේ යකඩ ගැහැනිය’ ලෙස ප්‍රසිද්ධ සනායි තකයිචි අද (21) දිනයේදී තේරීපත් විය. ජපාන පාර්ලිමේන්තුවේ පැවති විශේෂ ඡන්ද විමසීමකදී ඇය අගමැති ධුරය සඳහා තේරීපත් වුයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනා ගැනීමෙන් පසුය. වයස අවුරුදු 64ක තකයිචි මීට සති දෙකකට පෙර පාලක පක්ෂයේ නායකත්වය දිනාගෙන සිටින අතර, හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා […]

FEATURE
on Oct 21, 2025
37 views 0 secs

ප්‍රංශයේ පැරිස් නගරයට උතුරින් පිහිටි දිස්ත්‍රික්කයකට පසුගියදා (20) පැමිණි ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පැරීසියෙන් කිලෝමීටර් 20 ක පමණ දුරින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශය අසල ඇති වූ මෙම හදිසි කුණාටුව නිසා දිස්ත්‍රික්ක 10කට ආසන්න ප්‍රදේශවලට විශාල හානි සිදුවී ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් […]

FEATURE
on Oct 21, 2025
31 views 0 secs

අමාත්‍යංශ කිහිපයක විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවරගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම සංශෝධන සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතර, පසුගිය කැබිනට් සංශෝධනයත් සමඟ මෙම විෂය පථයන් යළි සකස් කර තිබේ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක […]

FEATURE
on Oct 21, 2025
31 views 0 secs

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ද ඇති විය හැකි බවත්, අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවනු ඇතැයිද සඳහන් කරයි. නැගෙනහිර දිසාවේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් […]

FEATURE
on Oct 19, 2025
34 views 1 sec

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී. ඒ අනුව, කීරි සම්බාට සමාන (GR 11) පොන්නි සම්බා […]

FEATURE
on Oct 15, 2025
35 views 0 secs

2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය අද (15) තීරණය කර තිබේ. ඒ අනුව, ලෝකයේ ඔලිම්පික් උළෙලට පසුව විශාලතම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන මෙම උළෙලට ඉන්දියාවට දෙවන වරටත් සත්කාරකත්වය භාරගැනීමට අවස්ථාව ලැබේ. ලොව ජනාවාසයෙන් විශාලතම රටක් වන ඉන්දියාව අවසන් වරට 2010 දී දිල්ලි නගරයේදී මෙම උළෙල පවත්වා […]

FEATURE
on Oct 15, 2025
36 views 0 secs

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව පාකිස්තාන වේලාවෙන් අද (15) සවස 6.00 සිට පැය 48ක් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වනු ඇත. පාකිස්තාන පාර්ශ්වයේ ඉල්ලීමකට අනුව මෙම සටන් විරාමය පිළිගෙන ඇති බව තාලිබාන් පරිපාලනය සඳහන් කරයි. මෑතදී ඇෆ්ගනිස්තානය–පාකිස්තාන දේශසීමාවේ සිදුවූ ගැටුම්වලින් දෙපාර්ශ්වයේම හමුදා සාමාජිකයින් […]

FEATURE
on Oct 15, 2025
36 views 0 secs

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක් ලෙස හඳුනාගත් ඉෂාරා සෙව්වන්දි සහ ඇය සමඟ සිටි කණ්ඩායම අද (15) කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ බව වාර්තා වේ. ඇය ඇතුළු පුද්ගල 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 13 වැනිදාය. එම කණ්ඩායම අද ප.ව. 6.52ට නේපාලයේ කත්මණ්ඩු නුවරින් […]

FEATURE
on Oct 15, 2025
37 views 0 secs

පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසා ඇත. මෙම තීරණය, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය ඔක්තෝබර් 10 වැනිදා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමේදී ගනු ලැබූ බව සඳහන් වේ. ඒ අනුව, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි […]