Home > Articles posted by Admin (Page 23)
FEATURE
on Jun 26, 2025
119 views 0 secs

ඉරානය සටන් විරාමය පිළිගෙන ඇති නමුත්, ඊශ්‍රායලය තම රටට ප්‍රහාරයක් එල්ල කළහොත් ඉතා දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට සිදු වන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් මහතා පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවකදී තානාපතිවරයා ප්‍රකාශ කළේ, ඉරානය කිසිදු පක්ෂයකට යටත් නොවන රටක් බවත්, තමන්ගේ න්‍යෂ්ටික තාක්ෂණික හැකියාව කිසිවෙකුට සොරාගත නොහැකි බවත්ය. මේ අතර, ‘ඉරාන – […]

FEATURE
on Jun 26, 2025
119 views 0 secs

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි. මෙරට සංචාරයක නිරත මහ කොමසාරිස්වරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. මෙරට සිදුවෙමින් පවතින […]

FEATURE
on Jun 26, 2025
125 views 0 secs

වෙළෙඳපොළේ ලුණු මිල පහත දැමීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන් යටතේ ලුණු නිකුත් කිරීම වහාම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය පදනම් කරගෙන මෙම පියවර ගෙන ඇති අතර, රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අවශ්‍ය තරම් ලුණු තොග මෙරටට ලැබී ඇතැයි […]

FEATURE
on Jun 26, 2025
115 views 0 secs

මෙරට වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව නොමැති බව ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් සඳහන් කිරීම පදනම් කරගෙන, කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, මෙට්‍රික් ටොන් 5,000ක් රාජ්‍ය ආයතන මඟින්ද, අනෙක් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය කර […]

FEATURE
on Jun 26, 2025
132 views 0 secs

අද (26) සිට බලපැවැත්වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත් කර තිබේ. එම මහතා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානියා වේ.

FEATURE
on Jun 24, 2025
123 views 0 secs

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 04 වන දා අරලියගහ මන්දිරයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සැලසුම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව අද […]

FEATURE
on Jun 24, 2025
129 views 0 secs

සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ අරමුණින්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත. අදාළ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. මෙතෙක් මෙම ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම, සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අඩුව නිසා, එහි සංචාරය […]

FEATURE
on Jun 24, 2025
122 views 3 secs

චීනයේ පැවැත්වෙන “World Economic Forum 2025” සමුළුවට ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහභාගී විය. සමුළුවේදී, නව රජයේ රාජ්‍ය – පුද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතිය, දූෂණය මකා දැමීම සඳහා ක්‍රියාත්මක වන රජයේ උත්සාහයන් සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, වර්තමානයේ ව්‍යාපාරික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යහපත් ආර්ථික පසුබිමක් ගොඩනැගී […]

FEATURE
on Jun 24, 2025
129 views 0 secs

සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය, ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. කෙසේවෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයක් පසුකරන ලද පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බවයි.

FEATURE
on Jun 24, 2025
124 views 0 secs

අද (24) පස්වරු 5.45ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් වාර්තා වලින් සඳහන් වේ. වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලා ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව මේ වන විට තොරතුරු නොමැත. වෙඩි තැබීමට සැකපත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් […]