Home > Articles posted by Admin (Page 230)
FEATURE
on Mar 14, 2022
182 views 0 secs

එළඹෙන බදාදා (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

FEATURE
on Mar 13, 2022
184 views 1 sec

2021 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති අතර www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිථල ලබා ගැනීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

FEATURE
on Mar 13, 2022
164 views 0 secs

බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින්, අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව, ඔහු සඳහන් කළේ ය. මේ අතර, බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තු 60% කින් ඉහළ දමා තිබේ.

FEATURE
on Mar 13, 2022
233 views 0 secs

බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව හෙට(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ. ගාස්තු සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවත්, අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇටි බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කලා.

FEATURE
on Mar 13, 2022
188 views 0 secs

සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 350 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1850 ක් බව සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කර සිටියා.

FEATURE
on Mar 13, 2022
401 views 0 secs

වසර 443කට පසුව ගාලුකොටුව ප්‍රතිසංස්කරණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Mar 13, 2022
240 views 0 secs

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (13) දිනය තුළ ලබා දීමට බලාපොරොත්තු වන බවත්,ඊට අදාළ කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනී සිටියා.

FEATURE
on Mar 12, 2022
172 views 0 secs

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.බ්ලූමැන්ඩල්, මීගොඩ, බියගම, පොල්පිතිගම, කුරුවිට, මැල්සිරිපුර, කුඹුක්ගැටේ සහ නෙළුක්කුලම යන පොලිස් බල ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.බොහෝ අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී රිය පැදවීම බව පොලිසිය ප්‍රකාශ කළේය.

FEATURE
on Mar 12, 2022
160 views 0 secs

ඉන්දියාවේ ණ්ඨ්ඵ්C ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබා තිබේ. ඒ සාම්පූර්හි සූර්ය බලාගාරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහායි..බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යන අමාත්‍යවරුන් ඒ සඳහා සහභාගී වූ අතර එය අන්‍යෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් වනු ඇති.

FEATURE
on Mar 12, 2022
179 views 0 secs

රට තුළ පවතින ගෘහස්ත ගෑස් හිඟය මහහරවා ගැනීම සඳහා ගෑස් සිලින්ඩර 120,000 බෙදාහැරීමට ඊයේ (11) දිනය තුළ කටයුතු කර ඇති අතර ඉදිරි දින කිහිපයේදීත් එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.