Home > Articles posted by Admin (Page 229)
FEATURE
on Mar 21, 2022
285 views 0 secs

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කර සිටියේ පවතින ගෑස් හිඟය හේතුවෙන් රෝහල්වල ආහාර පිසීමටද බාධා එල්ලවී ඇති අතර, මේ තත්ත්වය මඟ හැරීම සඳහා රෝහල් පද්ධතිය තුළ නිෂ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවයි. රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Mar 21, 2022
216 views 0 secs

අද (21) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වෙමින් තිබිණි. කෙසේ වුවද මේ වන විට ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප එම තොරතුරු ප්‍රතික්ෂේප කරන අතර, ජනාධිපතිවරයා අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් පවතින තත්ත්වයට පිළියම් යෙදීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ […]

FEATURE
on Mar 21, 2022
236 views 0 secs

දේශීය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කර සිටි අතර, දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා පැවසුවේ. කෙසේ වුවද දේශීය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත සමාගමේ කිරිපිටි මිල ගණන් ඊයේ(20) සිට ඉහළ නංවා තිබේ.

FEATURE
on Mar 20, 2022
198 views 0 secs

කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි 70 හැවිරිදි පුද්ගලයකු අද (20) දහවල් ඇද වැටී මියගොස් තිබේ. ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කලා. ඔහු මෙරට ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය දෙවන පුද්ගලයා වේ.

FEATURE
on Mar 20, 2022
219 views 0 secs

ඩීසල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත්, ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු ඩීසල් නෞකාව අද (20) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියා.

FEATURE
on Mar 20, 2022
214 views 0 secs

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමිමට කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමය ඊයේ (19) පියවර ගැනීමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

FEATURE
on Mar 20, 2022
216 views 0 secs

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක නව මිල රුපියල් 4,199ක් වන අතර කිලෝග්‍රෑම් 05ක නව මිල රුපියල් 1680ක් දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Mar 19, 2022
208 views 1 sec

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දමා තිbea athara ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

FEATURE
on Mar 19, 2022
232 views 0 secs

මහනුවර ඉන්ධන පෝළිමක සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු බිම ඇද වැටීමෙන් මියගොස් බව වාර්තා වේ.

FEATURE
on Mar 19, 2022
211 views 0 secs

ඩොලර් නැතිකම හේතුවෙන් කඩදාසි හිඟයකුත් ඉස්මතු වෙමින් පවතින අතර මේ හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණයට බාධා මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ලිඛිතව විදුලි පාරිභෝගිකයින් වෙත බිල්පත් නිකුත් කරන්නැයි මනු කියවන්නන් වෙත දැනුම් දී ඇති බවත්, විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් වෙතොත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුවට පිවිස ඒ පිළිබදව පරික්ෂා කරගත හැකි බවත්, […]