Home > Articles posted by Admin (Page 228)
FEATURE
on Mar 22, 2022
259 views 0 secs

ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක ගෑස් තොගයක් සහිත තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තොගය සඳහා ගෙවිම් සිදු කර ඇති අතර කෙරවළපිටිය පර්යන්තය සඳහා ගෑස් තොග බෑම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළා. එම ගෑස් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ දෛනිකව ගෑස් සිලින්ඩර් 100,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි බවයි.

FEATURE
on Mar 22, 2022
262 views 0 secs

අමාත්‍ය ගාමිණී ලොකුගේගේ රියදුරා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (22) පෙරවරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ 41 හැවිරිදි මෙම රියදුරා පෞද්ගලික ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.

FEATURE
on Mar 21, 2022
281 views 0 secs

ලංකා කම්කරු කොංග්‍රසය බදාදා (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් ප්‍රකාශ කර සිටි අතර සමගි ජන බලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බව අද දහවල් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 21, 2022
289 views 0 secs

ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ 16 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව යෝජනා පහක් සභාගත කර තිබෙනවා.මාර්තු 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා උපදේශක කමිටුවක් පත් කරන ලදී. ආර්ථිකය නගා සිටුවීමට අදාළව යෝජනා පහක් උපදේශක කමිටුව විසින් ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කර ඇත. එම […]

FEATURE
on Mar 21, 2022
256 views 0 secs

ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවකට අනුව විදුලි ගාස්තු 500% කින් ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ආරංචි මාර්ග වලට අනුව විදුලි ගාස්තු වැඩි කිරීමට ලංවිම සලකා බලමින් සිටින බවයි.“මහජනයාට තම නිවෙස්වල ඇති විවිධ බල්බ සහ විදුලි පංකා භාවිතා නොකර වාඩි වී බලා සිටීමට සිදුවනු […]

FEATURE
on Mar 21, 2022
305 views 2 secs

පුද්ගලයන් 133 දෙනෙකු රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් Guangxi පළාතේදී කඩා වැටී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක් වූ සංඛ්‍යාව සහ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.MU5735 ගුවන් යානය දේශීය වේලාවෙන් 13:15ට (GMT 05:15) Kunming පිටත් වීමට නියමිතව තිබූ අතර Guangzhou වෙත ගමන් කරමින් සිටියේය.ගුවන් ගමන් නිරීක්ෂණ අඩවි වාර්තා […]

FEATURE
on Mar 21, 2022
268 views 0 secs

ශ්‍රී ලංකාවේ චීන තානාපති අද මාධ්‍ය හමුවක දී , ශ්‍රී ලංකාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව පවසනවා.අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මේ බව සඳහන් කළා.මෙම ඉල්ලිම සම්බන්ධයෙන් චීනය සලකා බලමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

FEATURE
on Mar 21, 2022
901 views 0 secs

ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය, ජල බෝතලයක මිල ඉහළ දැමීමට පියවර ගත් බව සඳහන් කර සිටියා. ඒ අනුව ලීටර් එක හමාරේ බෝතලයක නව මිල රුපියල් 120 ක් වන් අතර, ලීටර් 5 ක ජල බෝතලයක නව මිල රුපියල් 300ක් වේ. නිෂ්පාදන අමු ද්‍රව්‍ය හිඟය, ඉන්ධන මිල සහ හිස් බෝතල් හිඟවීම වැනි හේතූන් නිසා මෙම පියවර ගත් […]

FEATURE
on Mar 21, 2022
261 views 0 secs

අද(21) සිට මුව ආවරණ මිල 30% කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 21, 2022
265 views 0 secs

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් හේතුවෙන් 29 හැවරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වතුපිටිවල රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි […]