Home > Articles posted by Admin (Page 227)
FEATURE
on Mar 23, 2022
217 views 0 secs

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘ජනබල විරෝධය’ විරෝධතා පාගමන සහ රැළිය අද (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වේ. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සහ ආර්ථික අර්බුදය විසඳන ලෙස ඉල්ලා රජයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙනවා. විරෝධතා පාගමන පස්වරු 3ට දෙල්කඳ නගරයෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතයි.

FEATURE
on Mar 22, 2022
218 views 0 secs

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86කින් සම්මත වී ඇති බව වාර්තා වේ. පනත් කෙටුම්පතට විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 35 කි.

FEATURE
on Mar 22, 2022
237 views 0 secs

අද (22) දිනයේ සිට සිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටියා. මෙහිදී සිපෙට්කෝ ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම ඉන්ධන පිරවුම්හල් සඳහා ලැබෙන ඉන්ධන පාරිභෝගිකයින් වෙත නිසි අයුරින් බෙදා හරින්නේද යන්න ගැන හමුදා නිලධාරීන් […]

FEATURE
on Mar 22, 2022
262 views 0 secs

දෙදින නිල සංචාරයක් සඳහා දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණ තිබෙනවා. ඇය සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. හෙට (23) දින, විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් සහ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් නුලන්ඩ් විසින් විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව […]

FEATURE
on Mar 22, 2022
266 views 2 secs

ඉන්දියාවේ තරුණයන් අතර අතිශය ජනප්‍රිය රැප් ගායකයෙකු වන 24 හැවිරිදි Dharmesh Parmar හෙවත් MC Tod Fod ජීවිතක්ෂයට පත්ව තිබේ. රන්වීර් සිං රඟන ඝුල්ල්ය් ඹොය් චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ ගායනය ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය වූ අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

FEATURE
on Mar 22, 2022
240 views 5 secs

හෙට දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් කලාප වලට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක්ද, ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W කලාප වලට පෙරවරු 10.30 සිට පස්වරු 04.30 […]

FEATURE
on Mar 22, 2022
205 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ඉහත තනතුරේ රැඳී සිටීම නුසුදුසු බව තම නිගමනය වන බව පවසාඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

FEATURE
on Mar 22, 2022
202 views 0 secs

ඊයේ (22) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විදුලි බිල හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් සිදු කර නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 22, 2022
209 views 0 secs

නිමල් ලාන්සා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

FEATURE
on Mar 22, 2022
212 views 0 secs

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇතුල්කෝට්ටේ සුපිරි වෙළඳසැලක් අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 218ක් ළඟ තබාගෙන සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.