Local News
March 30, 2022
305 views 0 secs 0

ඖෂධ වර්ග 40ක හිඟයක්….

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය, රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක තොග ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව ප්‍රකාශ කර සිටියා. එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, එම සියලු ඖෂධ කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවයි. එමෙන්ම ඖෂධ වර්ග දෙකක් මේ වනවිට රජයේ රෝහල්වල නොමැති බව […]

Local News
March 30, 2022
257 views 0 secs 0

අද දිනයේද බරපතළ ගෑස් හිඟයක්

අද (30) ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක බරපතළ ගෑස් හිඟයක් ඇති විය.ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් යාත්‍රාවක් අඟහරුවාදා (29) රාත්‍රියේ දිවයිනට පැමිණි බවත්කාලසටහනට අනුව බදාදා (30) ගෑස් ගොඩබෑමට නියමිත බවය.තවද ලිට්‍රෝ සමාගම පැවසුවේ ඔවුන් අඟහරුවාදා (29) ගෑස් සිලින්ඩර 10,000 ක් වෙළඳපොළට බෙදා දුන් බවයි.ඇතැම් ප්‍රදේශවල ජනතාව වැස්සක් නොතකා ගෑස් සඳහා පෝලිමේ […]

Local News
March 30, 2022
299 views 0 secs 0

වෛද්‍ය උපකරණ හිඟයක්

වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රසායනාගාරවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ හිඟය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය තොග සැපයීමට නියෝග කර ඇති බවයි.මෙම තත්ත්වය හේතුවෙන් රසායනාගාර අවම ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Local News
March 30, 2022
273 views 2 secs 0

අද පැය 10ක විදුලි කප්පාදුවක්

මෙගාවොට් 750ක තාප ධාරිතාව සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද (30) පැය 10ක විදුලි කප්පාදුවක් පනවනු ඇත. කණ්ඩායම් ABCDEF: සවස 2 සිට මධ්‍යම ‍රාත්‍රී 12 දක්වා පැය 10 යි කණ්ඩායම් GHIJKL: පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා පැය 6 ක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 4 කණ්ඩායම් PQRS: සවස 2 සිට […]

Local News
March 30, 2022
259 views 0 secs 0

ඩීසල් සඳහා පෝලිමේ නොසිටින්න

බදාදා (30) සහ බ්‍රහස්පතින්දා (31) දිනවල ඩීසල් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාව සැලසුම් කළ පරිදි අඟහරුවාදා (29) ගොඩබෑමට නොහැකි වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසීය. කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයනු ලැබේ. කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි […]

Local News
March 29, 2022
247 views 0 secs 0

දුම්රිය එන්ජින් රියදුරන් අතිකාල සේවාවලින් ඉවත් වීමට තීරණයක්…

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය, අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. Eඅ අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින්. එහිදී උදෑසනට නියමිත දුම්රිය සියල්ල ධාවනය වන බවත් සවසට නියමිත දුම්රිය ධාවනය නොවන බවත්, සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ වැඩිදුරටත් සඳහන් කළේ. දුම්රිය ගාස්තු වැඩි […]

Local News
March 29, 2022
224 views 0 secs 0

රන් මිල වාර්තාගත ලෙස ඉහලට…

මෙරට රන් මිල වාර්තා ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් අලෙවිකරුවන් පවසනවා. අද (29) දිනයේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (28) දිනයේ දී කැරට් 24 ක රන් පවුමක් වාර්තා සටහන්වී තිබුණේ රු.185,000 ක් ලෙසයි.

Local News
March 29, 2022
231 views 0 secs 0

ඉන්දියාව සමඟ අත්සන් තැබූ ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 කට, විදේශ අමාත්‍යංශයේදී ඊයේ අත්සන් තැබූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටියා. ඩිජිටල් අන්‍යනතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ,සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම ,යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම,ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම ,ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක පරිගණක විද්‍යාගාර පිහිටුවීමසහ […]

Local News
March 29, 2022
243 views 0 secs 0

වරායේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත බහාලුම් 1000ක්

කොළඹ වරායේ සහල්, සීනි, පරිප්පු සහ මිරිස් කන්ටේනර් දහසක් පමණ පවතින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේය. ඒවා කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.කෙසේ වෙතත්, විශේෂයෙන්ම එළැඹෙන අප්‍රේල් නිවාඩු සඳහා තොග පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඩොලරයේ අර්බුදය ආනයනයට දැඩි ලෙස බලපා ඇති බව ඔහු සඳහන් ක