Politics, World News
May 22, 2022
352 views 0 secs 0

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ලාංකීය කත..

කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් මැතිවරණ ආසනය නියෝජනය කල ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලබා තිබේ. සිය 11 වැනි වියේදී එනම් 1999 වසරේදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙන අතර ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු කාන්තාව වේ. හෝල්ට් මැතිවරණ ආසනයෙන් ලිබරල් පක්ෂයෙන් ඇයට එරෙහිව […]

Local News, Politics
May 14, 2022
297 views 0 secs 0

මන්ත්‍රීවරු 4 දෙනෙක් ආණ්ඩුවෙන් සජබෙට එක් වෙයි…

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු අද (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය. රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බව […]

Local News, Politics
May 14, 2022
430 views 0 secs 0

නව කැබිනට් අමාත්‍යවරු 4ක් පත් කෙරේ…

අද(14) පස්වරුවේ නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව, විදේශ කටයුතු ඇමති ලෙස ජී.එල්. පීරිස් මහතා ද, විදුලිබල හා බලශක්ති ඇමති ලෙස කංචන විජේසේකර මහතා ද, නාගරික සංවර්ධන හා නිවාස ඇමති ලෙස ප්‍රසන්න රණතුංග මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන […]

Local News, Politics
May 09, 2022
324 views 0 secs 0

අගමැති ඉවත් වුවහොත් දේශපාලන අර්බුධ ඇතිවිය හැකියි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස අමතමින්, අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් දේශපාලන අර්බුදයක් ඇති වන බව ප්‍රකාශ කර සිටියා. අද (09) උදෑසන පාක්ෂිකයින් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපසට රැස්ව විරෝධතාවේ නිරත වූ අතර පසුව පිරිස අරලියගහ මන්දිරයට තුළට පැමිණියේ ය.

Local News, Politics
May 04, 2022
426 views 0 secs 0

අගමැති ඉල්ලා අස්වෙන්නේ වෙයිද..??

ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් රට තුළ පවතින වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් එය හෙට හෝ අනිද්දා දිනයේ සිදු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Local News, Politics
April 27, 2022
301 views 0 secs 0

අලී සබ්රිට තවත් අමාත්‍ය ධූරයක්..

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අලී සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

Local News, Politics
April 25, 2022
310 views 0 secs 0

ආණ්ඩුව ගෙදර යවන්න 120කගේ සහය තියනවා – ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 ක පිරිසක් වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුය යන ස්ථාවරයේ සිටින බව ප්‍රකාශ කර සිටියා. විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පෙර මන්ත්‍රීවරුන් 113 හදා ගන්නාතෙක් සිටින ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

Local News, Politics
April 20, 2022
296 views 0 secs 0

ආණ්ඩුවට සහය අඩු වෙයි…

මෙතෙක් ආණ්ඩුවට සහය ලබා දුන් ඉෂාක් රහුමාන්, එම්.එෆ් තවුෆික් , ෆයිසිල් ක්වාසිම් යන මන්ත්‍රීවරුන් අද (20) සිට ආණ්ඩුවට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.