Local News, Politics
April 03, 2022
262 views 0 secs 0

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබවාදී ප්‍රතිචාරයක් – විමල්

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.එම යෝජනාව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල , ටිරාන් අලස් හා වාසුදේව නානායක්කාර සමඟ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම හමුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා පැවසීය.

Local News, Politics
March 27, 2022
301 views 0 secs 0

ඉන්දීය විදේශ ඇමති දිවයිනට…

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (27) දිවයිනට පැමිණ තිබේ.ඔහු හෙට (28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ශ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා හා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ.

Local News, Politics
March 25, 2022
267 views 0 secs 0

TNA හා ජනපති අතර සාකච්ඡාවක්

මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා.දේශපාලන විසඳුමක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙම සාකච්ඡාවේදි සාකච්ඡා කිරීමට නියමිත බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා සඳහන් කළේ.

Local News, Politics
March 23, 2022
217 views 0 secs 0

අද (23) ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතාවයක්

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘ජනබල විරෝධය’ විරෝධතා පාගමන සහ රැළිය අද (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වේ. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සහ ආර්ථික අර්බුදය විසඳන ලෙස ඉල්ලා රජයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙනවා. විරෝධතා පාගමන පස්වරු 3ට දෙල්කඳ නගරයෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතයි.

Local News, Politics
March 21, 2022
216 views 0 secs 0

ජනාධිපති ඉල්ලා අස්වෙයිද…?

අද (21) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වෙමින් තිබිණි. කෙසේ වුවද මේ වන විට ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප එම තොරතුරු ප්‍රතික්ෂේප කරන අතර, ජනාධිපතිවරයා අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් පවතින තත්ත්වයට පිළියම් යෙදීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ […]

Local News, Politics
March 18, 2022
260 views 1 sec 0

ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් උද්ඝෝෂණයක..

ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් විසින් සංවිධානය කල උද්ඝෝෂණයක් අද (18) කොළඹදී පැවැත්වෙන අතර “74 වසරක සාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන තේමාවෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළා. මෙම විරෝධතාකරුවන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන සහ ගෑස් හිඟය අවසන් කරන ලෙසත්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමේ […]

Politics, World News
March 11, 2022
283 views 0 secs 0

ප්‍රාන්ත සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්..

ඊයේ පැවති ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සිය පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින්, 2022 ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල මගින් 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කර ඇති බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර සිටියා. ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත 4ක බලය තහවුරු කරගෙන තිබේ. උත්තර් ප්‍රදේශ්, උත්තර්කන්ද් ,මනිපූර් […]

Local News, Politics
March 10, 2022
278 views 0 secs 0

මුදල් ඇමතිට පාර්ලිමේන්තුවේ දී චෝදනා

මෙවැනි ආර්ථික අර්බුදයට රට පත්ව ඇති අවස්ථාවක මාස තුනකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ මූල්‍ය තත්ත්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළා. ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වනදා බවයි.මෙයට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක […]

Local News, Politics
March 08, 2022
275 views 0 secs 0

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

Local News, Politics
February 28, 2022
313 views 0 secs 0

බැසිල් තවත් නඩුවකින් නිදොස් කොට නිදහස්…

2015 වසරේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.