Local News, Politics
July 21, 2022
359 views 0 secs 0

පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ අසුන…

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඒ අනුව ඔහු මෙරට ජනාධිපතිවරයා ලෙස ධුරය භාර ගැනීම හේතුවෙන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එම ඉල්ලා අස්වීම අද (21) සිට බලපැවැත්වෙන බවත් රනිල් වික්‍රමසිංහ ලිපියක් මගින් තමා වෙත දන්වා ඇති බවද මහලේකම්වරයා […]

Local News, Politics
July 21, 2022
355 views 0 secs 0

නව ජනපති අද දිව්රුම් දෙයි….

අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ (20) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

Local News, Politics
July 15, 2022
360 views 0 secs 0

ආරාධනා ලැබුණොත් ජනාධිපතිකම භාර ගන්න සූදානම් – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණහොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් අගමැති ධුරය බාරගන්නා ලෙසට පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවයි සරත් ෆොන්සේකා සඳහන් කර සිටියා. යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවද, […]

Politics
July 12, 2022
391 views 0 secs 0

බේකරි නිශ්පාදන මිල ඉහලට….

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 20 කින්ද, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ද වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

Local News, Politics
June 23, 2022
374 views 3 secs 0

ජනතාවට තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා – විපක්ෂ නායක සජිත්

අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ  සංකල්පය මත ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම,  නාගොඩ  මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද ” චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීමේ […]

Local News, Politics
June 23, 2022
414 views 1 sec 0

ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qඉ-Zහෙන්හොන්ග්) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් අද දින (22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු විය. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය, අර්බුදකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග […]

Local News, Politics
June 22, 2022
382 views 0 secs 0

ධමිම්ක පෙරේරා අද පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙයි..

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීමට නියමියි. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා පසුගිය දා නම් කෙරිණ. මේ අතර ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ […]

Local News, Politics
June 21, 2022
336 views 0 secs 0

අද පාර්ලිමේන්තුව රැස්වෙයි…

අද (21) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතයි. එමෙන්ම පාර්ලිමේන්තුව අද සිට ලබන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Local News, Politics
June 06, 2022
404 views 0 secs 0

නැවත ජනාධිපති ධුරයට තරඟ කරන්නේ නැහැ – ගොඨාභය

බ්ලූම්බර්ග් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද ජනාධිපති ධුරයේ කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම තමන් නැවත වතාවක් ජනාධිපති ධුරයට තරග නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Local News, Politics
May 23, 2022
345 views 0 secs 0

අද තවත් අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතයි.

අද (23) නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා ඉදිරියේදී පෙර අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම්දී තිබුණා. දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව 25 දෙනෙකුට සීමා වන බවයි.