Politics, World News
January 14, 2021
695 views 0 secs 0

දෝෂාභියෝගයෙන් පැරදුනු ට්‍රම්ප්…

කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අනුබල දීමේ චෝදනා මත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ජනපතිවරයා ඡන්ද 232 ට 197 ක් ලෙසින් පරාජය වී තබේ. අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක්ම දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වෙයි.දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කිරීම […]

Local News, Politics
January 12, 2021
732 views 0 secs 0

කොවිඩ් වැළඳුණු ඇමැති වාසුදේවගේ උපන්දින සාදය…

පසුගිය ජනවාරි 5 වැනිදා කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී තවත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා තිබෙනවා. එම උත්සවයට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් සහභාගි වී […]

Local News, Politics
January 09, 2021
699 views 0 secs 0

උහනට ගිය ගෝඨාභය…

අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” පස්වන අදියරේ වැඩසටහනට අද (09) එක්වෙමින් “බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බවත්,සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක්, ඊට […]

Politics, World News
January 08, 2021
748 views 0 secs 0

ට්‍රම්ප්ට, ධුරයෙන් ඉවත් වන ලෙස දැඩි ඉල්ලීම්….

අමෙරිකානු විපක්ෂ බලවේග, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන ලෙස දැඩි ඉල්ලීම් සිදුකර තිබේ. ඊයේ (07) කැපිටල් ගොඩනැල්ලේ ඇති වු සිද්ධියෙන් පසු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා එල්ල වී ඇති බව වාර්තා වේ.එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 25 වන සංශෝධනයට අනුව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ 08 දෙනෙකුගේ ඉල්ලීමකින් ජනාධිපතිවරයා ඉවත් […]

Politics, World News
January 07, 2021
746 views 0 secs 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාල අවහිර කරයි..

මේ වන විට ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම් ක්‍රියා විරහිත කර තිබේ. ඒ අමෙරිකානු ජනාධිපති සහ උප ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් එරට කොංග්‍රසය විසින් සහතික කරන ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විශාල පිරිසක් “කැපිටල් ගොඩනැගිල්ල” තුළට කඩාවැදී එහි දේපල වලට හානි කළ අතර […]

Local News, Politics
January 07, 2021
742 views 3 secs 0

ඉන්දීය විදේශ අමාත්‍යවරයා විපක්ෂ නායකවරයා හමුවෙයි…

තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ  හමුවක් ඊයේ(07) සිදු වූ අතර එහිදී දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා  ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව ද දෙපාර්ශවය  අදහස් හුවමාරු  කරගනු ලැබීය.සුව සැරිය උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද, “මෝඩි” ගම්මානය පිලිබදව ද සිහිපත් කරමින් ඊට ස්තුතිවන්ත වූ […]

Local News, Politics
January 05, 2021
849 views 0 secs 0

වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද..

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වෙන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.අද දිනයේ සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04ක් ද, 06 වනදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 06ක් ද, ලබන 07 […]

Local News, Politics
December 18, 2020
758 views 0 secs 0

ජනතා ගැටලු ගැන ඩලස් ගේ ප්‍රකාශය..

ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනතා ගැටලු විසඳීම දේශපාලකයාගේ වගකීමක් නොවන බව පවසා සියා.තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ දේශපාලකයින්ගේ වගකීම වන්නේ ජනතාවගේ ගැටලුවලට හේතු ඉවත් කිරීම බවයි.

Local News, Politics
December 18, 2020
787 views 0 secs 0

මැතිවරණ කොමිසමේ තීරණ…….

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද (17) හමුවූ අවස්ථාවේදී, පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටලු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නොපමාව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.2019 ජනාධිපතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 7000ක් වෙන්කර තිබුණ ද එම වියදම රුපියක් […]

Local News, Politics
December 15, 2020
751 views 0 secs 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට….

ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි.