Home > Articles posted by Admin (Page 148)
FEATURE
on Sep 26, 2022
274 views 0 secs

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා එමෙන්ම සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවත් ඔහු මෙහිදී පෙන්වා දී සිටියා.

FEATURE
on Sep 26, 2022
271 views 3 secs

බ්‍රිතාන්‍ය ‍ පවුම සඳුදා උදෑසන ආසියාවේ වාර්තාගත පහත් මට්ටමකට ඇද වැටී ඇත. වර්ධනය ඉහල නැංවීම සඳහා බදු අඩු කිරීම් සහ ආයෝජන දිරිගැන්වීම් ක්‍රියාත්මක කරන බවට නව එක්සත් රාජධානියේ ආණ්ඩුව විසින් පසුගිය සතියේ නිවේදනය කිරීමෙන් පසුවය. ස්ටර්ලිං පවුම , සඳුදා ආසියාවේ ඩොලර් 1.0382 හි සර්වකාලීන අවම අගයට 4% කින් පහත වැටුණි. විවේචකයින් පවසන්නේ එම ආර්ථික ක්‍රියාමාර්ග […]

FEATURE
on Sep 26, 2022
265 views 0 secs

බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බවයි.

FEATURE
on Sep 26, 2022
273 views 0 secs

රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තාවේ. මෙම පාසලේ සිසුන් 1000 ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ගුරුවරුන් ද 80 දෙනෙකු පමණ සිටින බව වාර්තා ඒ. මෙහිදී තුවක්කුකරු ද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති අතර […]

FEATURE
on Sep 26, 2022
272 views 10 secs

හෙට (27) සහ අනිද්දා(28) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු වනු ඇත.

FEATURE
on Sep 26, 2022
274 views 0 secs

අද (26) අලුයම තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ, ජනාධිපති ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බවයි. සැප්තැම්බර් 28 වනදා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය […]

FEATURE
on Sep 26, 2022
275 views 0 secs

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග්ද සහභාගීවී තිබෙන අතර ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය […]

FEATURE
on Sep 26, 2022
310 views 10 secs

අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා සවස් කාලයේ පැය 1ක්ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20ක් ද, P, Q, R, S, T, U, V, W කලාප සඳහා සවස් කාලයේ පැය 1ක්ද, රාත්‍රී කාලයේ […]

FEATURE
on Sep 24, 2022
282 views 0 secs

ඩීසල් නෞකා 02ක්,පෙට්‍රල් නෞකාවක් හා බොරතෙල් නෞකාවක් මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබේන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඒවා සඳහා කඩිනමින් මුදල් ගෙවීමට කටයුතු කරන බවයි. මේ අතර, සති කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකා 3කට පසුගියදා මුදල් ගෙවීමෙන් පසු එහි තොග ගොඩබෑම් මේ වනවිට ආරම්භ කර තිබේ.

FEATURE
on Sep 24, 2022
258 views 0 secs

ලබන සතියේ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව, ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පැවති ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.