වාහනවල ලියාපදිංචි අංක 3, 4, 5 සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම අද ඇරඹේ..
අද (21) සිට දිවයිනපුරා සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වනවා. අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදෙන බව […]
පෙට්‍රල් තොගය අද (19) ශ්‍රී ලංකාවට
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් යාත්‍රාවක් අද (19) දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අදාළ යාත්‍රාව සඳහා මුදල් ගෙවා ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.එමෙන්ම ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලක්ෂයකට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවත්, ලියාපදිංචිය අවසන් වනතුරු නව ඉන්ධන තොග බෙදා හැරීම සිදු නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
හදිසි තත්වය වහාම ඉවත් කරන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් …
වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරනවා. ජනාධිපති ධුරයට අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට දින තුනකට පෙර නවතම හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති ඔවුන් පෙන්වා දෙන අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ ජනාධිපති නිලවරණය පැවැත්වීමට නියමිතව […]
“ජනපති අද ඉල්ලා අස්වෙයි. නව ජනපති 20දා”- කතානායක
අද (13) දිනය තුළ කතානායකවරයා වෙත තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාතානායකවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා. කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ,මේ මස 20 වන දින නව ජනාධිපතිවරයෙක් පත් කර ගන්නා බවත් එම නිසා මේ අවස්ථාවේ දී ජනතාව සාමකාමීව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියි.
නිෂ්පාදන විස්තර පිළිබඳ නව ගැසට් පත්‍රය නිකුත් කරයි.
සෑම භාණ්ඩයක්ම ඇසුරුම් කිරීමේදී නිෂ්පාදන විස්තර ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2022 ජූලි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෑම නිෂ්පාදනයකම ඇසුරුම්වල පහත විස්තර ඇතුළත් විය යුතුය. උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව නැවත ඇසුරුම් කරන්නේ නම් නිෂ්පාදිත දිනය සහ ඇසුරුම් කළ දිනය කල් ඉකුත්වන දිනය/භාවිතයට පෙර […]
එළවළු මිලට බලපෑ ඉන්ධන හිඟය…
ඉන්ධන හිඟය නිසා එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන හා තොග වෙළඳුන් වෙත නොලැබීම නිසා වෙළඳපොළේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ධන හිඟයට අමතරව වර්ෂාව ආරම්භ වීම නිසාද එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීමේ ප්‍රමාදයක් පවතී. එළවළු තොග අඩුවීම නිසා ඉහළ යන මිල හමුවේ පාරිභෝගිකයින්ට සහන සැලසීමට තියා තම ජීවන වෘත්තිය පවත්වා ගෙන යාමට පවා නොහැකි […]
