Local News, Uncategorized
August 16, 2022
293 views 0 secs 0

හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ රටවලදී කරන කිසිදු වියදමක් රජයේ මුදල් වලින් සිදු නොකරන බව මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා. ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඇමතිතුමා මේ බව සඳහන් කර සිටියේ.

Local News, Uncategorized
August 12, 2022
311 views 0 secs 0

ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු යලි රිමාන්ඩ් භාරයට…

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුල් වී එහි දේපොළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 26 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (12) නියෝග කළේ ය. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන නිසා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස […]

Uncategorized
August 06, 2022
337 views 0 secs 0

ගාලු මුවදොර විරෝධතාකරුවන් පිරිසක් ජනපති හමුවෙයි

ගාලුමුවදොර විරෝධතාවයේ නිරත පිරිස් කිහිපයක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා සියලු විරෝධතාකරුවන්ගේ දායකත්වය සෑම ආකාරයකින්ම ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා පැවසීය.නීතිවිරෝධී ලෙස සහ අත්තනෝමතික ලෙස අරගලයට සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඔවුන් පෙන්වා දුන්නේ තමන් අත්අඩංගුවට ගනු ඇතැයි […]

Uncategorized
August 04, 2022
295 views 0 secs 0

නවසීලන්ත මහ කොමසාරිස් හා අනුර කුමාර අතර සාකච්ඡාවක්

අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් සිදුවිය.මේ වන රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මෙම හමුවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක […]

Uncategorized
August 01, 2022
285 views 0 secs 0

මහින්ද හා බැසිල් ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත. පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා […]

Uncategorized
July 29, 2022
344 views 0 secs 0

අගෝස්තු 1 වනදා සිට ඇරඹෙන පොදු පාසල් බස් රථ සේවාව…

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මෙරෙන්ඩා බස් රථ 40 ක් පමණ අගෝස්තු පළවනදා සිට සාමාන්‍ය ගාස්තුව යටතේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බව සඳහන් කලා. කොළඹ ප්‍රධාන පාසල් සහ ගම්පහ කළුතර හොරණ හෝමාගම […]

Uncategorized
July 27, 2022
287 views 0 secs 0

අගෝස්තු 01 සිට ඉන්ධන අඩුවෙයිද..?

එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ සහ 15 වනදා රාත්‍රීයේ ඉන්ධන මිල සංශෝධනය සිදු කිරීමට තීරණය කළ බවයි.

Uncategorized
July 25, 2022
304 views 0 secs 0

අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝබර් මස විසි හය වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා.

Uncategorized
July 25, 2022
322 views 0 secs 0

ඉදිරි කාලයේ කිසිඳු සහල් හිඟයක් නැහැ – වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය

ඉදිරි දිනවල රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඉදිරි මහ කන්නය වනතෙක් ජනතාවට අවශ්‍ය සහල් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.