World News
April 09, 2025
131 views 0 secs 0

චීනයෙන්, අමෙරිකාවට 84% ක තීරු බද්දක්…

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, අමෙරිකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 84% ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අමෙරිකාව පැනවූ 104% ක තීරු බදු වලට ප්‍රතිචාර දක්වමින් ය.

World News
April 08, 2025
126 views 0 secs 0

ඉන්දුනීසියාවේ භූකම්පනයක්..

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. අද (08) අලුයම 2.48ට පමණ හටගත් මෙම කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් පෙන්වා තිබේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

World News
April 07, 2025
134 views 0 secs 0

දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින නියම වෙයි..

දකුණු කොරියාවේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ. පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධුරයෙන් ඉවත් කෙරුණි.

World News
April 07, 2025
125 views 0 secs 0

සෞදි අරාබිය තාවකාලික වීසා තහනමක්…

සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇති අතර ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි. සෞදි නිලධාරීන් සඳහන් කරන්නේ, ඇතැම් පුද්ගලයින් […]

World News
April 07, 2025
132 views 0 secs 0

ට්‍රම්ප්ගේ බදු ගැන රටවල් රැසක් සාකච්ඡාවක…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට අමෙරිකාව සමඟ සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පදනම්ව එම වාර්තා පෙන්වා දෙන්නේ, රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ධවල […]

World News
April 03, 2025
135 views 0 secs 0

ශ්‍රී ලංකාවේ භාණ්ඩ වලට ඇමෙරිකාවෙන් බද්දක්..

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක බද්දක් පනවා තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. මෙම අනෝන්‍ය තීරුබදු පැනවීමඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කර තිබෙන අතර එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි […]

World News
March 24, 2025
158 views 0 secs 0

කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක්….

කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබේ. මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණලෙස කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී සිටියේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම බවයි. අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය […]

World News
March 23, 2025
175 views 1 sec 0

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයා මරුට..

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. හමාස් සංවිධානය ප්‍රකාශ කර සිටියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවයි. මේ අතර ගාසා තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව […]

World News
March 23, 2025
193 views 1 sec 0

පාප්වහන්සේට රෝහලෙන් පිටව යෑමට අවසර..

මසකටත් වැඩි කාලයක් රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නේ වන විට රෝහලෙන් පිටව යාමට අවසර ලබා දී තිbena athara තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පසුගිය පෙබරවාරි මස 14 වැනිදා හදිසියෝ රෝහල්ගත කෙරුණේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී […]

World News
March 21, 2025
160 views 0 secs 0

ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ජාත්‍යන්තර වනාන්තර දිනයෙහි අරමුණ නම් ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමයි. මෙවර එහි තේමාව “වනාන්තර හා ආහාර” වන අතර මෙවර ජාතික උත්සවය මාර්තු 21 හෝමාගම වටරැකදී […]