World News
January 23, 2024
212 views 0 secs 0

චීනයේ භූ කම්පනයක්..

අද (23) අලුයම 2ට පමණ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.1 ක් ලෙස සටහන් වී ඇති අතර කම්පනයත් සමග නිවාස 2ක් කඩා වැටී ඇති බව වාර්තා වේ.එමෙන්ම විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් එම කලාපයේ විදුලි සැපයුම්ද් ඇනහිට ඇති අතර, එරට දුම් රිය ගමන් […]

World News
January 08, 2024
165 views 1 sec 0

05 වන වරටත් ශෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයට…

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇති බව වාර්තා වේ.

World News
January 02, 2024
146 views 0 secs 0

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්….

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. දකුණු වරාය නගරයක් වන බුසාන්හි සංචාරයක යෙදී සිටින අතරතුරදී විපක්ෂ නායකවරයාට නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

World News
January 02, 2024
142 views 0 secs 0

ජපානයේ ගුවන් යානයක ගින්නක්…

ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බවයි ගුවන් සේවය උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.

World News
January 01, 2024
153 views 0 secs 0

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්..

ජපානයේ ඓශිකව ප්‍රදේශයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

Sports, World News
January 01, 2024
332 views 0 secs 0

එක්දින තරඟ පිටියෙන් සමුගන්නා වෝනර්….

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කර සිටි අතර හෙට සිඩ්නි හිදී ආරම්භ වන ඔස්ට්‍රේලියා – පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස සැලකෙයි. 37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම […]

World News
December 29, 2023
150 views 0 secs 0

මාලදිවයින් දූපත් අවට බලපෑ භූ කම්පනය…

අද (29) අලුයම මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. ඉන් එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී ඇති බවයි ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන සඳහන් කර සිටි අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි ඇය […]

World News
December 20, 2023
135 views 0 secs 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තහනමක්….

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව, අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. 14 වැනි සංශෝධනයේ තුන්වන වගන්තිය යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරීමට නුසුදුස්සෙකු බව කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.එම්න්ම අදාළ තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට […]

World News
December 11, 2023
128 views 0 secs 0

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට…

2023 වසරේ නොබෙල් ත්‍යාග ප්‍රදානය ඊයේ (10) සිදුවිය. සෑම වසරකම ප්‍රදානය කරන නොබෙල් ත්‍යාග හයෙන් පහක්ම ස්ටොක්හෝම් නුවරදී පිරිනැමෙන අතර ඒ අතරට සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව යන ත්‍යාග අයත් වේ. මේ අතර ඉරාන ජාතික ක්‍රියාකාරිනී නර්ගීස් මොහොමාඩීට හිමි නොබෙල් සාම ත්‍යාගය නෝර්වේ හි ඔස්ලෝ නගරයේදී පිරිනමා තිබූ අතර එය […]

World News
December 11, 2023
146 views 0 secs 0

ඉතාලියේ දුම්රිය අනතුරක්….

ඉතාලියේ ෆෙන්සා නගරයට ආසන්නයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අධිවේගී දුම්රියක් සහ මදවේග දුම්රියක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි අතර අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.