World News
February 13, 2024
342 views 0 secs 0

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක්….

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ තමා වෙත නඩු පැවරීමෙන් වැළකී සිටීමට ජනාධිපති මුක්තිය නොමැති බවට පහළ අධිකරණ ලබාදුන් තීන්දු අත්හිටුවන ලෙසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව 2020 මැතිවරණයට අදාළ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මේ වන විට නඩු විභාග පැවැත්වෙන අතර, තමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීම එහි අරමුණ වී ඇති […]

World News
February 03, 2024
365 views 2 secs 0

කාල් වෙදර්ස් දිවියෙන් සමුගනී..

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.1970 දශකයේ මැද භාගයේ දී සියරංගන දිවිය ඇරඹි කාල් වෙදර්ස් මිය යන විට 76නව වියේ පසු විය.වෙදර්ස්, 1978 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමග ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර මෑතකදී ‘ ස්ටාර් වෝර්ස්’ කථා මාලාවටද රංගනයෙන් දායක වූ බව වාර්තා වේ.චිත්‍රපට, රූපවාහිනීය, කලාව, ක්‍රීඩා යන ක්ෂේත්‍ර වලට දායකත්වය […]

World News
February 03, 2024
362 views 1 sec 0

ජනප්‍රිය ඉන්දීය නළු විජේ දේශපාලනයට..

ජනප්‍රිය ඉන්දියානු දමිළ නළු විජේ දේශපාලනයට පිවිස ඇති බව වාර්තා වේ. ඔහුගේ දේශපාලන පක්ෂය ‘තමිලග වෙට්‍රි කලගම්’ ලෙස නම් කර ඇති අතර දැනට වැඩ කටයුතු අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙන් පසු, ඔහු සිනමා වෘත්තියෙන් සමුගෙන පූරණකාලීනව දේශපාලනයට පිවිසීමට අදහස් කරන බව වාර්තා වේ.

World News
January 23, 2024
337 views 0 secs 0

චීනයේ භූ කම්පනයක්..

අද (23) අලුයම 2ට පමණ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.1 ක් ලෙස සටහන් වී ඇති අතර කම්පනයත් සමග නිවාස 2ක් කඩා වැටී ඇති බව වාර්තා වේ.එමෙන්ම විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් එම කලාපයේ විදුලි සැපයුම්ද් ඇනහිට ඇති අතර, එරට දුම් රිය ගමන් […]

World News
January 08, 2024
320 views 1 sec 0

05 වන වරටත් ශෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයට…

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇති බව වාර්තා වේ.

World News
January 02, 2024
272 views 0 secs 0

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්….

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. දකුණු වරාය නගරයක් වන බුසාන්හි සංචාරයක යෙදී සිටින අතරතුරදී විපක්ෂ නායකවරයාට නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

World News
January 02, 2024
293 views 0 secs 0

ජපානයේ ගුවන් යානයක ගින්නක්…

ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බවයි ගුවන් සේවය උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.

World News
January 01, 2024
277 views 0 secs 0

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්..

ජපානයේ ඓශිකව ප්‍රදේශයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

Sports, World News
January 01, 2024
488 views 0 secs 0

එක්දින තරඟ පිටියෙන් සමුගන්නා වෝනර්….

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කර සිටි අතර හෙට සිඩ්නි හිදී ආරම්භ වන ඔස්ට්‍රේලියා – පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස සැලකෙයි. 37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම […]

World News
December 29, 2023
275 views 0 secs 0

මාලදිවයින් දූපත් අවට බලපෑ භූ කම්පනය…

අද (29) අලුයම මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. ඉන් එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී ඇති බවයි ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන සඳහන් කර සිටි අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි ඇය […]