World News
January 12, 2021
800 views 0 secs 0

පෘතුගාල ජනාධිපතිට කොවිඩ් බවට තහවුරු වේ…

නිවේදනයක් නිකුත් කරමින් පෘතුගාල ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ එරට ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි. 72 හැවිරිදි පෘතුගාල ජනාධිපති මේ වන විට සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.මේ වන විට පෘතුගාලයෙන් කොවිඩ් ආසාදිතයින් 489,293 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 7,925ක් සිදුව ඇති බව වාර්තා වේ.

World News
January 11, 2021
792 views 0 secs 0

පාප්තුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා කොවිඩ් හේතුවෙන් මරුට..

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News
January 10, 2021
820 views 0 secs 0

ඉන්දුනීසියානු ගුවන් යානය කඩා වැටුණු ස්ථානය හඳුනා ගනී.

පුද්ගලයන් හැට දෙදෙනෙකු සමගින් ජකර්තා අගනුවරින් ගමන් ආරම්භ කලශ්‍රී විජය එයාර් ජෙට් යානය කඩාවැටුණු ස්ථානය හඳුනාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් පවසන අතර එහි සෝදිසි මෙහෙයුම් සඳහා නෞකා 10ක් යොදවා ඇති බවද සඳහන් වේ.යානය ගුවන්ගත කර මිනිත්තු හතරකට පසුව කලිමන්තාන් පළාත බලා ගමන් කරමින් සිටින අතරතුර එය රේඩාර් පථයෙන් අතුරුදන් වී ඇති අතර, යානය මුහුදට කඩාවැටී ඇති […]

World News
January 09, 2021
1081 views 0 secs 0

අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය..

මගීන් 56 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු ශ්‍රී විජය ගුවන්සමාගමට අයත් එයාර් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දුනීසියාවේ ජකර්තා හි සිට බෝර්නියෝ දූපත බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් මෙසේ අතුරුදහන් වී ඇති අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ද සිට ඇති බවද වාර්තා වේ.

World News
January 09, 2021
790 views 0 secs 0

ස්ථිරවම අත්හිටවූ ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම……

ට්විටර් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුම මගින් පසුගිය කාලය තුළ සිදුකර ඇති ප්‍රකාශ පදනම් කර ගනිමින් එම අත්හිටුවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.පසුගියදා අමෙරිකාවේ පැවති ගැටුම්වලට සහය දැක්වූ පුද්ගලයින් දේශප්‍රේමීන් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් […]

Politics, World News
January 08, 2021
838 views 0 secs 0

ට්‍රම්ප්ට, ධුරයෙන් ඉවත් වන ලෙස දැඩි ඉල්ලීම්….

අමෙරිකානු විපක්ෂ බලවේග, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන ලෙස දැඩි ඉල්ලීම් සිදුකර තිබේ. ඊයේ (07) කැපිටල් ගොඩනැල්ලේ ඇති වු සිද්ධියෙන් පසු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා එල්ල වී ඇති බව වාර්තා වේ.එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 25 වන සංශෝධනයට අනුව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ 08 දෙනෙකුගේ ඉල්ලීමකින් ජනාධිපතිවරයා ඉවත් […]

World News
January 07, 2021
1488 views 1 sec 0

ලොව ධනවත්ම පුද්ගලයා එලොන් මස්ක්..

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ශ්‍රේණිගත කිරීමක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය මත ව්ව්ව්.අමzඔන්.cඔම් හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඉදිරියෙන් සිටියත් එලෝන් මස්ක්ට හිමි විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කොටස් මිල අද ඉදිනයේදී 4.8% කින් ඉහළ යාමත් සමගම ඔහු ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වුවා. දකුණු අප්‍රිකාවේ උපන් ඉංජිනේරුවරයාගේ ශුද්ධ වටිනාකම නිව් යෝර්ක්හි වේලාවෙන් උදෑසන 10: 15 වන […]

Politics, World News
January 07, 2021
837 views 0 secs 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාල අවහිර කරයි..

මේ වන විට ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම් ක්‍රියා විරහිත කර තිබේ. ඒ අමෙරිකානු ජනාධිපති සහ උප ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් එරට කොංග්‍රසය විසින් සහතික කරන ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විශාල පිරිසක් “කැපිටල් ගොඩනැගිල්ල” තුළට කඩාවැදී එහි දේපල වලට හානි කළ අතර […]

World News
January 07, 2021
1130 views 0 secs 0

වොෂින්ටන් නුවර කලහකාරි තත්ත්වයෙන් 4ක් මරුට…

අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආශ්‍රිතව හටගත් කලහකාරි තත්ත්වයේදීසිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. හිටපු ගුවන් හමුදා නිලධාරිනියක්, විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලීසිය සිදුකළ වෙඩි පහරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ වනවිට වොෂින්ටන් අගනුවරට දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ […]

World News
January 04, 2021
876 views 0 secs 0

ඉන්දීය විදේශ කටයුතු ඇමති ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ මෙරට දින 3ක සංචාරයක් සඳහා වේ.ඉන්දීය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත […]