World News
February 12, 2021
595 views 1 sec 0

BBC යට චීනය තුළ තහනමක්… .

BBC ලෝක සේවය සත්‍ය හා සාධාරණ නොවන බවට චෝදනා කරමින්චීන බලධාරීන් විසින් BBC ලෝක සේවය එරට තුල තහනම් කර ඇති බව වාර්තා වේ.

World News
February 11, 2021
735 views 0 secs 0

භූමිකම්පාවන් දෙකක්.. ලංකාවට බලපෑමක් නෑ…

නවසීලන්තයට ආසන්න පැසිෆික් සාගරයේ මැග්නටික් ඒකක 7.7ක භූ කම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.එමෙන්ම සුමාත්‍රාහි රිච්ටර් මාපාංකයේ ඒකක 6.2ක භුකම්පනයක් සිදුව තිබෙනවා,කෙසේ වුවද ඉන් ලංකාවට කිසිඳු බලපෑමක් නැති බවයි සඳහන් වන්නේ.

World News
February 08, 2021
741 views 0 secs 0

හෙවිවේට් බෝක්සිං ශූර ලියෝන් ස්පින්ක්ස් මියයයි..

වසර 05 කට ආසන්න කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩාවිඳි ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියගොස් තිබේ.67 හැවිරිදි වියේ පසු වූ ඔහු පසුගිය සිකුරාදා මෙලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.1976 වර්ෂයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ සැහැල්ලු බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූ ඔහු 1978 වසරේදී හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව […]

World News
February 08, 2021
752 views 0 secs 0

හිමාලයේ ග්ලැසියර තට්ටු කඩා වැටීමක්..

ඉන්දියාවේ හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කඩා වැටීමෙන්, ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් මියගොස් තිබේ. ඉන් දේපළ රැසකට ද හානි සිදුව ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.මියගිය හා අතුරුදහන් වූවන් අතර ඉදිවෙමින් පවතින විදුලි බලාගාර දෙකක කම්කරුවන් පිරිසක් සිටින බවත් එම […]

Sports, World News
February 06, 2021
656 views 0 secs 0

IPL සඳහා ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 1,097ක් ලියාපදිංචි වේ..

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී ඇති බව ඓඵ්ළ් සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.මේයට ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලැයිස්තු ගතකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

World News
February 04, 2021
816 views 0 secs 0

මියන්මාරයේ තහනම් වූ සමාජ මාධ්‍ය…

මියන්මාරය තුළ වැඩි වශයෙන් භාවිතවන ෆේස්බුක් හරහා හමුදා පාලනය පිළිබඳව ප්‍රබල විරෝධයක් එල්ලවීම හා විරෝධතා සංවිධානය කිරීම යන කරුණු හේතුවෙන් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් අවහිර කිරීමට එරට හමුදා පාලනය පියවරගෙන තිබේ.එරට නායිකා අවුන් සාන් සුකී නෙරපා හැරි හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතර විරෝධතාවල නිරත වු පුද්ගලයින් කිහිප දෙනෙකු ආරක්ෂක අංශ […]

World News
February 01, 2021
772 views 0 secs 0

මාස 10කට පසු නැවත සේවය ඇරඹූ මුම්බායි දුම්රිය…

කොවිඩ් වසංගතයට පෙර දෛනිකව එම දුම්රියවලින් මිලියන 8ක පමණ ජනකායක් සේවය ලැබූ ලොව කාර්යබහුලම දුම්රිය සේවයක් ලෙස සැලකෙන මුම්බායි දුම්රිය මාස 10කට පසු නැවත සේවය අරඹා තිබේ.කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා එය නවතා දැමීමට පියවර ගැනුණ අතර කොවිඩ් පාලන නිර්දේශවලට යටත්ව නැවත සේවාව අරඹා ඇති බව වාර්තා වේ. එනම් සියලුම මගීන් මුඛ ආවරණ පැළඳීම […]

World News
January 21, 2021
745 views 0 secs 0

මධ්‍යම බැග්ඩෑඩ්හි බෝම්බ ප්‍රහාරයක්..

ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් පළාතේ ජනාකීර්ණ වෙළෙඳපොළක අද(21) උදෑසන සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.මෙම බෝම්බකරුවන් දෙදෙනාව ආරක්ෂක නිලධාරීන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පිටුපස හඹා යන විටදී බෝම්බය පුපුරවා ගෙන තිබේ.වසර දෙකක පමණ කාලයක දී බැග්ඩෑඩ් නගරයේ සිදුකළ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එය වේ.

World News
January 18, 2021
719 views 0 secs 0

චීන ආර්ථිකයේ වර්ධනයක්…

පසුගිය වසරේදී චීනයේ ආර්ථික වර්ධනය 2.3%ක් ලෙස දැක්වුණි.කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල ආර්ථිකය ට දැඩි බලපෑම් එල්ලවුවද චීන ආර්ථිකය 2020දී වර්ධනය වී ඇති බව එරට නිල දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.කොවිඩ් වසංගතය හේතුවෙන් එරට සමහර ප්‍රදේශවල කටයුතු දැඩිලෙස අකර්මණ්‍ය විණි. එහෙත් සාර්ථක ලෙස කොවිඩ් පැතිරීම පාලනය කළ රටවල් අතුරින් චීනය ඉදිරියෙන්ම සිටී. […]

Politics, World News
January 14, 2021
740 views 0 secs 0

දෝෂාභියෝගයෙන් පැරදුනු ට්‍රම්ප්…

කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අනුබල දීමේ චෝදනා මත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ජනපතිවරයා ඡන්ද 232 ට 197 ක් ලෙසින් පරාජය වී තබේ. අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක්ම දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වෙයි.දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කිරීම […]