World News
December 23, 2020
750 views 0 secs 0

නව කොරෝනා ප්‍රභේද රැසක්, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි..

මේ වන විටත් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තයෙන් හඳුනාගෙන තිබෙන නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ලොව බොහෝ රටවල සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාධන් පවසයි.ඉතාලියෙනුත් එක් රෝගියෙකු වාර්තා වී ඇතත්, එම ප්‍රභේදයේ වෙනස්කම් 17 ක් හඳුනාගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර දකුණු අප්‍රිකාවේ තවත් ප්‍රභේද තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි, […]

World News
December 23, 2020
752 views 0 secs 0

ඇන්ටාටිකාවෙනුත් කොරෝනා ආසාදිතයින්…

මෙතෙක් කල් කොරෝනා රෝගීන් වාර්ථා නොවූ ඇන්ටා(ර්)ක්ටික් හි චිලී හමුදාව විසින් පිහිටුවා ඇති බර්නාඩෝ ඕ’ හිග්ගින්ස් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 36 දෙනෙක් හමුවී ඇති බව සඳහන් වේ.එම පර්යේෂණ මධ්‍යස්ථානයට අවශ්‍ය දෑ රැගෙන ගිය නැවක සිටි සේවකයින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව චිලී රාජ්‍යය මීට දින කිහිපයකට පෙර දී වාර්තා කළේය. මෙම අසාදිතයින්ගෙන් 26 දෙනෙක් හමුදා […]

World News
December 23, 2020
798 views 0 secs 0

ඊශ්‍රායල රජයේ බිඳ වැටීමක්…

සමගි රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර අයවැය පිළිබඳ ව ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඊශ්‍රායල රජය බිඳ වැටී තිබේ. ඒ අනුව වසර දෙකක් තුළ එරට පැවැත්වෙන සිව්වැනි මැතිවරණය එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිතය. මීට පෙර පැවති මැතිවරණ දෙකේ ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයකට පැහැදිළි ජයක් හිමිනොවූ අතර ඒ හේතුවෙන් වර්තමාන සමගි රජය බිහිවිය. මේවන විට දූෂණ චෝදනා හේතුවෙන් […]

World News
December 21, 2020
787 views 0 secs 0

සෞදි අරාබියේ ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවයි..

සෞදි අරාබිය වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවා තිබේ. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ සතියක කාලයක් සදහා මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බවත කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රටේ ජනතාවගේ මෙන්ම විදේශිකයින්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එම පියවර ගත් බවත්ය. කෙසේවෙතත් සෞදි අරාබියේ සිට වෙනත් රටවල් සඳහා සිදුකෙරෙන ගුවන්ගමන් වාර තවදුරටත් ක්‍රියාත්මක […]

Sports, World News
December 21, 2020
996 views 0 secs 0

ලෝක වාර්ථාවක් සම කළ මෙසී…

වර්තමානයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී විසින් එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ගෝල 643ක් ලබාගනිමින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ තබා තිබූ වාර්තාව සමකර තිබේ. බාර්සිලොනා කණ්ඩායම 2005 වසරේ සිට නියෝජනය කරන මෙසී මෙසී සිය 643 වැනි ගෝලය වැලෙන්ෂියා කණ්ඩායමට එරෙහිව රැස්කළේය.

Health, World News
December 18, 2020
729 views 0 secs 0

ජනවාරියේ සිට ඉන්දියාවට කොවිඩ් එන්නත..

ඉන්දියාව තුළ ජනවාරි මාසයේ සිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය කිරීම ඉන්දියාවේ අරමුණයි.එරට ඖෂධ නියාමන බලධාරීන් එන්නත් වර්ග කිහිපයක් සඳහා ඉදිරි සති කිහිපය තුළ අනුමැතිය දීමට කටයුතු කරනු ඇති බව සඳහන් වේ. මේ වනවිට ඖෂධ සමාගම් දෙකක් අනුමැතිය සඳහා […]

Sports, World News
December 15, 2020
818 views 0 secs 0

දකුණු අප්‍රිකානු අන්තර් සමාජ ක්‍රිකට් තරඟයක් අත්හිටුවයි…

දකුණු අප්‍රිකානු අන්තර් සමාජ ක්‍රිකට් තරඟයේ ටයි ටන්ස් සහ ඩොල්ෆින්ස් කණ්ඩායම් අතර සිව්දින ක්‍රිකට් තරඟය අත්හිටුවීමට පියවර ගෙන ඇත. ඒ දකුණු අප්‍රිකානු පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනිම හේතුවෙනි.එමෙන්ම සියලු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනට යොමුකිරිමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

Sports, World News
December 13, 2020
726 views 0 secs 0

බාබර් අසාම්ට ක්‍රිකට් තරඟාවලිය අහිමි වේ…

ලබන 18 වනදා ඔක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිත පාකිස්ථාන – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්ට අහිමි වී තිබේ. ඒ පුහුණු සැසියක් අතරතුරදී ආබාධයකට ලක්වූ ඔහු විවේක ගැන්වීම හේතුවෙනි.මේ හේතුවෙන් නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී උප නායක ෂඩාබ් ඛාන් විසින් පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ඇති බව සඳහන් වේ….

World News
December 13, 2020
762 views 0 secs 0

ඇමරිකානුවන්ට හෙට සිට කොවිඩ් එන්නත…

හෙට සිට ඇමෙරිකාව තුළ හදිසි භාවිතයට අවසර ලබාදුන් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ජනතාවට ලබාදීමට නියමිතය.කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්ත ද අමෙරිකානු වැසියන් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට හා සමාජ පරතරය පවත්වාගැනීමට කටයුතු කළ යුතු බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පවසයි.කෙසේ වුවද ගෙවුණු පැය 24 තුළදී අමෙරිකාවෙන් නව ආසාදිතයන් 220,298 දෙනෙකු හඳුනාගැණුණි.එරටින් ඊයේ වාර්තා […]

Sports, World News
December 11, 2020
757 views 0 secs 0

ඉතාලි පාපන්දු වීර පාඕලෝ රෝස්සි මියයයි..

1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට මුල්වූ පාඕලෝ රෝස්සි මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. දීර්ඝ කාළීනව අසනීපව සිට ඔහු මිය යන විට 64වන වියේ පසු විය.