World News
June 12, 2025
187 views 0 secs 0

අහමදාබාද් ගුවන්තොටුපොළ අසල සිදු වූ අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගනී..

අහමදාබාද් ගුවන්තොටුපළ අසලදී අද (12) දිනයේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුරකින් මගීන් 200කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, එයාර් ඉන්දියා ගුවන් යානයක් මෙයට ලක්වූ බව මූලික වාර්තා පෙන්වයි. අනතුර සිදුවූ විට යානය ලන්ඩන් බලා පිටත් වී තිබූ අතර, යානයේ මගීන් 250ක් පමණ සිටි බවද පැවසේ. මේඝානිනගර් ප්‍රදේශය අසල ධාර්පූර් සිට දැඩි දුමාරයක් දක්නට ලැබූ අතර, […]

World News
June 12, 2025
177 views 0 secs 0

සිරියාවේ පොදු වෙරළ තීරයන්හි බුර්කිනි ඇඳීම අනිවාර්යයි – අන්තර්කාලීන රජයෙන් නව නියෝගයක්…

සිරියාවේ අන්තර්කාලීන රජය විසින් නිකුත් කර ඇති නව නියෝගයක් අනුව, කාන්තාවන් සඳහා පොදු වෙරළ තීරයන්හි සහ පිහිණුම් තටාකවල බුර්කිනි ඇඳීම අනිවාර්ය වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙම නියෝගය සිරියාවේ ඉස්ලාමීය නායකත්වය පවත්වාගෙන යන අන්තර්කාලීන රජය මගින් ලබාදීමක් බවයි. එම නියෝගය අනුව, කාන්තාවන් විසින් මුහුණ, අත්පා සහ පාද හැර සෙරීරය සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස බුර්කිනි […]

World News
June 07, 2025
190 views 1 sec 0

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි

ලොව පුරා විහිදී සිටින ඉස්ලාම් බැතිමතුන් අද (05) හජ් උත්සවය හෙවත් ඊද්-උල්-අල්හා සමරයි. නබි මුහම්මද් (සල්) තුමාගේ ඉගැන්වීම් පදනම් කරගනිමින් මුස්ලිම් ප්‍රජාව මෙම උත්සවය සමරන්නේ සමගිය, සාමුහිකත්වය සහ ආත්මීය පූජාවෙන් යුතු විශේෂ ආගමික දිනයක් ලෙසය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන්කර ඇති අතර, අල්ලා දෙවියන්ට භක්තියක්වෙන් නබි ඊබ්‍රාහිම් […]

World News
June 03, 2025
190 views 1 sec 0

ඉන්දියාවේ AI සම්බන්ධ වෘත්තිකයන් මිලියනයක අවශ්‍යතාවක්..

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවක් අනුව 2026 වසර වන විට කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ වෘත්තිකයන් මිලියනයක අවශ්‍යතාවක් ඉන්දියාවේ පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, AI ක්ෂේත්‍රය තුළ ඇතිවෙන දැවැන්ත ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඉන්දියාව මේ වනවිටම සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 2047 වසර වන විට ඩොලර් ට්‍රිලියන 23-35 අතර ආර්ථිකයක් […]

World News
June 01, 2025
200 views 0 secs 0

යුක්‍රේනය, රුසියානු භූමිය වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරයි…

යුක්‍රේනය පවසන්නේ, රුසියානු භූමිය වෙත එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවට අයත් 40ක් පමණ ගුවන්යානා හානි වී ඇති බවයි. එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්, බැලැස්ටික් මිසයිල 7ක් සහ කෘස් මිසයිල යොදාගත් බවත්, එය සයිබීරියානු කලාපයට එල්ල වූ බවත් වාර්තා වේ. යුක්‍රේනය සඳහන් කළේ, මර්මන්ස්ක් සහ ඉර්කුට්ස් කලාපය වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවාට, එවක් […]

World News
June 01, 2025
205 views 0 secs 0

ප්‍රංශ පාපන්දු ප්‍රේක්ෂකයන් පිරිසක් අතර ගැටුමක්…

ප්‍රංශයේ පැරිස් නගරයේදී පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ජර්මනියේ පැවැත්වූ යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන් මහ තරඟය නරඹමින් සිටි ප්‍රංශ ප්‍රේක්ෂකයන් අතර මෙම ගැටුම උත්සන්න වී ඇත. මෙම තරඟයෙන් ප්‍රංශයේ පැරිස් සෙන් ජර්මෙයි (ඵ්Sඝ්) කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය. මෙය […]

World News
May 29, 2025
202 views 0 secs 0

ට්‍රම්ප්ගේ තීරුබදු තීරණය අමෙරිකානු අධිකරණයකින් අත්හිටුවේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ගිය දැඩි තීරුබදු තීරණයක් එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය ඊයේ (28) නිකුත් කළ නියෝගයකින් මෙම තීරණය ගෙන ඇති අතර, එය ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි ආපදායක් ලෙස සැලකෙයි. අධිකරණය විසින් දක්වා ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයටම විදේශවෙළඳ නීති හා […]

World News
May 29, 2025
191 views 0 secs 0

ඇමරිකාවේ සිටින චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමට සූදානමක්…

අමෙරිකාවේ ඉගෙනුම ලබන චීන ශිෂ්‍යයින් රැසකගේ වීසා අවලංගු කිරීමට අමෙරිකානු පරිපාලනය විසින් පියවර ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ මෙම තීරණය ගෙන ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ඇතිවීම හෝ තීරණාත්මක ක්ෂේත්‍රවල (උදාහරණයක් ලෙස තාක්ෂණය හා ආරක්ෂාව) ඉගෙනුම් ලබන සිසුන් සම්බන්ධයෙන් බවය. මෙම තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් […]

World News
May 27, 2025
188 views 0 secs 0

හදිසියේ ගොඩබැස්වූ එංගලන්ත ගුවන් යානය…

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එංගලන්තයේ ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය පියාසර ආරම්භ කළ සමගම එන්ජිමක ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුව ඇති බවද වාර්තා වෙයි. අදාළ ගුවන් යානයේ මගීන් 70 දෙනෙකු සිටි අතර ඔවුන් සියල්ලන්ම ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.

World News
May 27, 2025
207 views 0 secs 0

ජපානයේ පිපිරීමක්….

ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ඉදිකිරීම් ස්ථානයක දරුණු පිපිරීමක් සිදුවීමෙන් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර සිදුවී ඇත්තේ ගෑස් නලයක් පුපුරා යාම හේතුවෙන් බවද වාර්තා වන අතර, පිපිරීමෙන් පසුව ආරක්ෂක හා බේරාගැනීමේ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී තිබේ. කෙසේවෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.