FEATURE
on Sep 5, 2022
179 views 1 sec

අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයේ ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ලබා ගෙන Liz Truss ජයග්‍රහණය කිරීමට සමත් වුණා. හෙට (06) දින නිල වශයෙන් ඇය රටේ නායකත්වය භාර ගැනීමට සූදානම් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Sep 5, 2022
193 views 0 secs

අධික වර්ෂාව නිසා ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇද වැටී අද (05) කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 14 හැවිරිදි සජිත් ගුණරත්න නැමැති සිසුවෙකි. සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව දරුවා මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල එහිදී දරුවා […]

FEATURE
on Sep 5, 2022
182 views 0 secs

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසල දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ප්‍රහාරයෙන් රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

FEATURE
on Sep 5, 2022
190 views 0 secs

කැනඩාවේ සස්කැච්වන් හි ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් නම් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, […]

FEATURE
on Sep 5, 2022
209 views 0 secs

අද (05) සිට දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම ක්‍රියාත්මක වනවා. මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවත්, පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් රීලෝඩ් කළහොත් පාරිභෝගිකයින් බලාපොරොත්තු වන ඩේටා සහ පැකේජ ක්‍රියාත්මක නොවන බවත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කර සිටියා.

FEATURE
on Sep 5, 2022
179 views 0 secs

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර 150ට වැඩි වැසි ඇතිවිය හැක බවයි. එමෙන්ම ගංගා ආශ්‍රිතව පහත් බිම්වල සහ නාය යාම් අවධානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමිසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා […]

FEATURE
on Sep 5, 2022
184 views 0 secs

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 ශිෂ්‍යත්වය සහ 2022 අ.පො.ස උසස් පෙළ විභාග සඳහා දින ප්‍රකාශයට පත් කර ඇත.2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වී 2023 ජනවාරි 02 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් […]

FEATURE
on Sep 5, 2022
199 views 3 secs

ලිට්‍රෝ ගෑස් සඳුදා (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංශෝධිත මිල ගණන් නිවේදනය කළේය. නව මිල ගණන් පහත පරිදි වේ. 12.5 kg: රු. 4,551/-5 kg: රු. 1,827/-2.3 kg: රු. 848/-

FEATURE
on Sep 5, 2022
258 views 0 secs

පාන් පිටි මිල ඉහල දැමීමත් හේතුවෙන් කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කොත්තුවක් රුපියල් 100කින් ද, හා බිත්තර රොටි, එළවළු රොටි ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 15 ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Sep 3, 2022
201 views 0 secs

සැප්තැම්බර් 3 වැනි දින විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන සහ සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නිකුත් කර ඇති ගැසට් මගින් විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යාවශ්‍ය ලෙස ප්‍රකාශයට පත් කර […]