Yearly Archives: 2022
විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටළු වලට සහාය වීමට ක්ෂණික ඇමතුම් අංකයක් මහජන උපයෝගිතා කොමිෂන් සභා විසින් හඳුන්වා දී තිබෙනවා.ඒ අනුව 0775687387 යන ක්ෂණික අංකය ඇමතීමෙන් ඒ හා සම්බන්ද විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කර සිටියා.
හිටපු ක්‍රීඩා මධ්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කර සිටියා. නාමල් රාජපක්ෂ ස්වාධීනව සෑම ක්‍රීඩා පරිපාලනයකටම උදව් කළ බවත්, ඔහු ක්‍රීඩා අමාත්‍ය ලෙස කටයුතු කළ කාලය තුළ ක්‍රීඩකයෙක් ලෙස විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් මාධ්‍ය හමුවකට අදහස් […]
මාස හයක කාලයකට නිකුත් කර තිබෙන තාවකාලික රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම කාලය දීර්ඝ කර ගැනීම සදහා වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කටයුතු සිදුකරගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. කෙසේ වුවද මේ වන […]
සැප්තැම්බර් මස 12 වන දිනට යෙදුණු සිරකරු දිනය නිමිත්තෙන් දඩ මුදල් ගෙවීමට නොහැකි වූ හා සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ රැඳවියන් 417කුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබා දී තිබෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල වලට අනුව එම නිදහස ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට ජනගහනයෙන් 30% උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බව අනාවරණය කර තිබෙනවා. දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම හා පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. වසර දෙකක බෝග අස්වැන්නක් නිසි පරිදි නොලැබීම නිසා මෙරට ආහාර නිෂ්පාදනය සියයට 50 කින් පහත වැටී ඇති අතර මෙම […]
සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ලබන 19 වන දිනට යෙදෙන දෙවන එළිසබත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය හේතුවෙන් එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ […]
අද (13) සිට මෙම වසරේ දෙවන පාසල් වාරය ආරම්භ කරන ලදී.රජයේ සහ රජය අනුමත සියලු පෞද්ගලික පාසල් සඳහා පසුගිය සැප්තැම්බර් මස 7 වැනි දා සිට සතියක් නිවාඩු ලබාදුන්නා.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් 500,000/- බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණා. රංගන ශිල්පිනී දමිතා අබේරත්න සැප්තැම්බර් 7 වැනි බදාදා දින දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘නිහඬ හෝරාව’ යන තේමාව යටතේ විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.නීතිවිරෝධී රැස්වීම්, නීති විරෝධී ලෙස ජනාධිපති කාර්යාලයට ඇතුළුවීම සහ වෙනත් […]
අදින් (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වනවා. ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා එම සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද […]
