Home > Articles posted by Admin (Page 338)
FEATURE
on Dec 15, 2020
839 views 0 secs

දකුණු අප්‍රිකානු අන්තර් සමාජ ක්‍රිකට් තරඟයේ ටයි ටන්ස් සහ ඩොල්ෆින්ස් කණ්ඩායම් අතර සිව්දින ක්‍රිකට් තරඟය අත්හිටුවීමට පියවර ගෙන ඇත. ඒ දකුණු අප්‍රිකානු පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනිම හේතුවෙනි.එමෙන්ම සියලු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනට යොමුකිරිමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

FEATURE
on Dec 15, 2020
715 views 0 secs

අද (15) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගත් බවත්, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 622ක් වේ.

FEATURE
on Dec 15, 2020
823 views 0 secs

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව වාර්තා වේ.එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවදගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද වාර්තා වේ.ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය රථ 09ක් කැඳවා තිබුණි.මේ වනවිට අදාළ ස්ථානයට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු […]

FEATURE
on Dec 15, 2020
743 views 0 secs

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ පරිදි පානදුර, තොටවත්ත සහ මොණරාගල, බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ හුදෙකලා කර ඇත.

FEATURE
on Dec 15, 2020
766 views 0 secs

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්රදේශයේදී අනතුරකට පත්ව තිබේ. එයපියාසර කර ඇත්තේ, පුහුණු ගුවන් නියමුවෙකු විසිනි.මෙම ගුවන් යානය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ ය.සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් […]

FEATURE
on Dec 15, 2020
786 views 0 secs

ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි.

FEATURE
on Dec 14, 2020
737 views 0 secs

අද දින තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ ක. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Dec 14, 2020
760 views 0 secs

මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග වසා දැමූ මහනුවර පාසල් පාසල් 45කින් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ කෙසේවෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බවය.

FEATURE
on Dec 14, 2020
809 views 0 secs

වසර 800කට පසු නැවතත් නත්තල් තරුව නැතිනම් බෙත්ලෙහෙමේ තරුව දිස්වීම දෙසැම්බර් 16 සිට 25 දක්වා දැකගැනීමට අවස්ථාව උදා වේ.සෞරග්‍රහ මණ්ඩලයේ විශාල ග්‍රහලෝක දෙකක් වන සෙනසුරු හා බ්‍රහස්පතී එක්වීමෙන් නැතිනම් එහි කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත, එක දර්ශනය වීම ලැබෙන ආලෝකය හේතුවෙන් මේ නත්තල් තරුව දැක ගැනීමට හැකි වේ.

FEATURE
on Dec 13, 2020
744 views 0 secs

ලබන 18 වනදා ඔක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිත පාකිස්ථාන – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්ට අහිමි වී තිබේ. ඒ පුහුණු සැසියක් අතරතුරදී ආබාධයකට ලක්වූ ඔහු විවේක ගැන්වීම හේතුවෙනි.මේ හේතුවෙන් නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී උප නායක ෂඩාබ් ඛාන් විසින් පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ඇති බව සඳහන් වේ….