Home > Articles posted by Admin (Page 338)
FEATURE
on Dec 15, 2020
768 views 0 secs

ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි.

FEATURE
on Dec 14, 2020
725 views 0 secs

අද දින තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ ක. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Dec 14, 2020
744 views 0 secs

මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග වසා දැමූ මහනුවර පාසල් පාසල් 45කින් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ කෙසේවෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බවය.

FEATURE
on Dec 14, 2020
790 views 0 secs

වසර 800කට පසු නැවතත් නත්තල් තරුව නැතිනම් බෙත්ලෙහෙමේ තරුව දිස්වීම දෙසැම්බර් 16 සිට 25 දක්වා දැකගැනීමට අවස්ථාව උදා වේ.සෞරග්‍රහ මණ්ඩලයේ විශාල ග්‍රහලෝක දෙකක් වන සෙනසුරු හා බ්‍රහස්පතී එක්වීමෙන් නැතිනම් එහි කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත, එක දර්ශනය වීම ලැබෙන ආලෝකය හේතුවෙන් මේ නත්තල් තරුව දැක ගැනීමට හැකි වේ.

FEATURE
on Dec 13, 2020
731 views 0 secs

ලබන 18 වනදා ඔක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිත පාකිස්ථාන – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්ට අහිමි වී තිබේ. ඒ පුහුණු සැසියක් අතරතුරදී ආබාධයකට ලක්වූ ඔහු විවේක ගැන්වීම හේතුවෙනි.මේ හේතුවෙන් නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී උප නායක ෂඩාබ් ඛාන් විසින් පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ඇති බව සඳහන් වේ….

FEATURE
on Dec 13, 2020
789 views 0 secs

ග්‍රෑන්ඩ් පාස් – සිරිසඳ සෙවණ, සිරිමුතු උයන , මාලිගාවත්ත ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස, බොරැල්ල සිරිසර උයන මහල් නිවාසවල හුදෙකලා බව හෙට උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේය.

FEATURE
on Dec 13, 2020
767 views 0 secs

හෙට සිට ඇමෙරිකාව තුළ හදිසි භාවිතයට අවසර ලබාදුන් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ජනතාවට ලබාදීමට නියමිතය.කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්ත ද අමෙරිකානු වැසියන් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට හා සමාජ පරතරය පවත්වාගැනීමට කටයුතු කළ යුතු බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පවසයි.කෙසේ වුවද ගෙවුණු පැය 24 තුළදී අමෙරිකාවෙන් නව ආසාදිතයන් 220,298 දෙනෙකු හඳුනාගැණුණි.එරටින් ඊයේ වාර්තා […]

FEATURE
on Dec 13, 2020
734 views 0 secs

ඊයෙ (12) රාත්‍රියේ සිට යාපනයේ උඩුවිල්හි ග්‍රාම නිලධාරී වසම් 28කට සංචරණ සීමා පනවා ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කර සිටියා.යාපනය, මරදනාමඩම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමඟ මෙලෙස සංචරණ සීමා පනවා ඇති බවයි වාර්ථා වන්නේ.

FEATURE
on Dec 13, 2020
733 views 0 secs

හෙට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

FEATURE
on Dec 13, 2020
822 views 0 secs

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රථම රැස්වීම ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.