Home > Articles posted by Admin (Page 339)
FEATURE
on Dec 13, 2020
887 views 0 secs

ග්‍රෑන්ඩ් පාස් – සිරිසඳ සෙවණ, සිරිමුතු උයන , මාලිගාවත්ත ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස, බොරැල්ල සිරිසර උයන මහල් නිවාසවල හුදෙකලා බව හෙට උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේය.

FEATURE
on Dec 13, 2020
873 views 0 secs

හෙට සිට ඇමෙරිකාව තුළ හදිසි භාවිතයට අවසර ලබාදුන් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ජනතාවට ලබාදීමට නියමිතය.කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්ත ද අමෙරිකානු වැසියන් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට හා සමාජ පරතරය පවත්වාගැනීමට කටයුතු කළ යුතු බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පවසයි.කෙසේ වුවද ගෙවුණු පැය 24 තුළදී අමෙරිකාවෙන් නව ආසාදිතයන් 220,298 දෙනෙකු හඳුනාගැණුණි.එරටින් ඊයේ වාර්තා […]

FEATURE
on Dec 13, 2020
851 views 0 secs

ඊයෙ (12) රාත්‍රියේ සිට යාපනයේ උඩුවිල්හි ග්‍රාම නිලධාරී වසම් 28කට සංචරණ සීමා පනවා ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කර සිටියා.යාපනය, මරදනාමඩම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමඟ මෙලෙස සංචරණ සීමා පනවා ඇති බවයි වාර්ථා වන්නේ.

FEATURE
on Dec 13, 2020
857 views 0 secs

හෙට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

FEATURE
on Dec 13, 2020
929 views 0 secs

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රථම රැස්වීම ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

FEATURE
on Dec 12, 2020
835 views 0 secs

අද දින (12) වාර්ථා වූ කොවිඩ් මරණ 2ක් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 149ක් දකවා ඉහළ ගොස් ඇති බව වාර්ථා වේ..

FEATURE
on Dec 12, 2020
904 views 0 secs

කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කර තිබුණි. දරුවන් දෙදෙනා අඩුබරින් උපත ලැබීම හේතුවෙන් නොමේරු ළඳරු ඒකකයක රැඳවිය යුතු වුවත් දරුවන් දෙදෙනාට කොවිඩ් අස්සඩනය වී නොමැති බව වාර්ථා වේ.23 හැවිරිදි මෙම මව දියවැඩියාව හා අධිරුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදුකෙරුණේ සිසේරියන් සැත්කමක් මඟින්ය.

FEATURE
on Dec 12, 2020
874 views 0 secs

ඊයේ දිනයේ (11) හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 762ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 31,375ක් වේ.

FEATURE
on Dec 11, 2020
879 views 0 secs

1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට මුල්වූ පාඕලෝ රෝස්සි මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. දීර්ඝ කාළීනව අසනීපව සිට ඔහු මිය යන විට 64වන වියේ පසු විය.

FEATURE
on Dec 11, 2020
1090 views 0 secs

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ ජනවාරි මස සිට පෙර පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයීමෙන්ම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා , ජාතික පෙර පාසල් ප්‍රඥප්තිය ද ඉදිරියේදී ජනාධිපතිවරයාට භාරදෙන බව්ද ප්‍රකාශ කරන ලදී.